රුජිනගේ ප්ලැටිනම් ජුබිලිය - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Jun 3, 2022

රුජිනගේ ප්ලැටිනම් ජුබිලිය

බ්‍රිතාන්‍යයේ දෙවැනි එලිසබත් මහ රැජින කිරුළ දරා වසර 70 ක් සපිරීමේ ප්ලැටිනම් ජුබිලිය වෙනුවෙන් සැමරුම් උත්සව රැසක් එංගලන්තයේත්, පොදු රාජ්‍ය මණ්ඩලීය රටවලත් පැවැත්විණි‍. 

එංගලන්තයේ සැමරුම් උත්සව, ඊයේ (2) එලිසබත් මහ රැජිනගේ උපන්දිනය සැමරීම වෙනුවෙන් පැවති හමුදා උත්තමාචාර මැද ආරම්භ විය. සැමියා පිලිප් කුමරුන්ගේ අභවයෙන් පසු, මහ රැජින සැමරුම් උත්සවයකට සහභාගී වූ පළමු අවස්ථාව මෙය විය. 

එලිසබත් රැජිනගේ ප්ලැටිනම් ජුබිලිය දෙවැනිදා සිට සිවු දිනක් එංගලන්තය පුරා උත්සව පැවැත්වෙයි. 96 හැවිරිදි එලිසබත් මහ රැජිනට ලොව නන්දෙසින් සුබ පැතුම් ලැබී තිබේ. 

උතුරු කොරියානු නායක කිම් ජොන් උන් ද මහ රැජිනට සුබ පැතීම විශේෂත්වයකි. උතුරු කොරියානු නායකයා රැජිනට සුබ පතා ඇත්තේ ලිපියක් මගිනි. 

මහ රැජිනට සුබ පැතුම් එක් කළ සෙසු රාජ්‍ය නායකයන් අතරේ ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන්, ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන්, බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්, ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමා ද සිටිති. 

මහ රැජිනගේ ප්ලැටිනම් ජුබිලි සැමරුව වෙනුවෙන්, රජ පවුලෙන් වෙන් වී ගිය හැරී කුමරු සහ බිරිඳ මෙගාන් මාකෙල් ද යළි බ්‍රිතාන්‍යයට පැමිණ සිටිති. ඒ දරු දෙදෙනා ද සමඟය. 

හැරී සහ මෙගාන් බ්‍රිතාන්‍යයට පැමිණ රැජිනගේ ප්ලැටිනම් ජුබිලියට සහභාගී වන්නේ රැජිනගේ විශේෂ ඇරැයුමකට අනුවය. හැරී සහ මෙගාන්ගේ දියණිය ලිලිබට් පළමු වරට හමුවීමට ද මහ රැජිනට අවස්ථාවක් උදා වූ බව ද විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

෴ උපුටා ගැනීම - Daily Mail

Classified_Ad