දරුවන්ගේ පෝෂණය වෙනුවෙන් ආහාර - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Aug 27, 2022

දරුවන්ගේ පෝෂණය වෙනුවෙන් ආහාර

ශ්‍රී ලංකාවේ පාසල් දරුවන්ගේ පෝෂණය වැඩි කිරීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපදය මෙරටට ආහාර මෙට්‍රික් ටොන් 3,000ක් පරිත්‍යාග කිරීමට පියවර ගෙන ඇත. 

ඇමෙරිකා එක්සත් ජනපදයේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හරහා ‘සේව් ද චිල්ඩ්‍රන්’ සංවිධානය සමඟ සහයෝගීතාවයෙන් එම ආහාර තොගයේ පළමු තොගය පසුගිය 26 වැනිදා මෙරටට පරිත්‍යාග කෙරුණි. 

එම පළමු තොගයට කඩල පරිප්පු මෙට්‍රික් ටොන් 320ක් අයත් වේ. ශ්‍රී ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපතිනි ජුලී චන්ග් මහත්මිය සහ අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් එය සිදු කෙරුණි. 

මෙම ආහාර තොගය ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යාපනය සහ ළමා පෝෂණය සහ සඳහා වන ආහාර ජාත්‍යන්තර වැඩසටහනේ (USDA McGovern-Dole International Food for Education and Child Nutrition) වැඩසටහනේ කොටසක් වේ. 

මෙමඟින් කුසගින්න අඩු කිරීමටත් සාක්ෂරතාව වැඩි කිරීමටත් දරුවන් පාසල් පැමිණීම වැඩි දියුණු කිරීමටත් ආහාර අනාරක්ෂිතතාවයෙන් පීඩා විඳින තැනැත්තන්ට ආහාර සඳහා කඩිනමින් හදිසි ආධාර සැපයීම ඉලක්ක කරගත් වැඩසටහනකි. පස් අවුරුදු ව්‍යාපෘතියක් වෙන මෙයට වෙන් කර ඇති මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 26කි.

෴ හර්ෂණ තුෂාර සිල්වා

Classified_Ad