පැරිස් විහාරයේ කඨින පිංකම - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Nov 1, 2022

පැරිස් විහාරයේ කඨින පිංකම

පැරීසියේ ලාකුරනව් හී ධම්ම චක්ක පැරිස් බෞද්ධ විහාරයේ පැවැත්වෙන වාර්ෂික කඨින පිංකම විහාරාධිපති ශාස්ත්‍රපති පූජ්‍ය කෝන්ගස්දෙනියේ ආනන්ද හිමියන්ගේ ප්‍රධානත්වයෙන් මෙවරත් ඔක්තෝම්බර් මස 23 වෙනි ඉරු දින උත්කර්ෂවත් ලෙස පැවැත් වුයේය. 
රත්මලාන කොතලාවලපුර සමාධි විහාරාධිපති සරභඤ විශාරද ගාලු කෝරලේ ප්‍රධාන සංඝ නායක මාපලගම බුද්ධසිරි නාහිමි ලර්බුජේ ජාත්‍යයන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති පරවාහැර චන්ද්‍රරතන හිමි, බෞද්ධ හා පාලි විශ්ව විද්‍යයාලයේ හිටපු උප කුලපති කොළඹ කොටුවේ සම්බෝධි විහාරාධිපති ඉත්තදෙමලියේ ඉන්ද්‍රසාර හිමියන් නිට්ටඹුවේ සාරිපුත්ත පීඨාධිපති කොටගම වාචිස්සර හිමි, පඩුවස්නුවර චන්දාානන්ද හිමි, මානම්පිටි විහාරාධිපති අමිත හිමි, ඉඳුරුවේ විජිත හිමි, බුරුම ජාතික ඌ කුමාර හිමි, බංගලදේශ් ජාතික ජෝකිසාර හිමි, ඇතුලු භික්ෂූන් වහන්සේලා 20 නමක් පමණ වැඩම කර සිටියෝය. 
විහාරස්ථානයේ ශ්‍රී ලාංකික බෞද්ධ දායක දායිකාවන්ගේ හා කාම්බෝජ, වියට්නාම්, ලාඕස් , බංගලදේශ බෞද්ධ පිංවතුන්ගේ ප්‍රමුඛත්වයෙන් කඨින පිංකම සිදුකරනු ලැබුවේය. පැරිස් බෞද්ධ විහාර දහම් පාසලේ සිසු දරුවන්ගේ කඨින පෙරහැරක් ද ඒ අතරට එක්වුයේය. 

෴  සුනිල් ආනන්ද 
   පැරීසියේ සිට ලියයි

Classified_Ad