යළි සඳට යන්න ඉන්දියාව සූදානම් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Jul 14, 2023

යළි සඳට යන්න ඉන්දියාව සූදානම්

ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනයේ, 'චන්ද්‍රයාන් 3' මෙහෙයුම අද (14) සවස  2.35 ට 'චන්ද්‍රයාන් 3' ආරම්භ වනු ඇත.

'චන්ද්‍රයාන් 3' මෙහෙයුම යටතේ සඳට පතිත කිරීමට නියමිත රොබෝ ගවේෂණ යානය 'වික්‍රම්' ය. 'වික්‍රම්' යානය තුළ කුඩා රෝවර් යානය ඇත. සඳ මතුපිට ගමන් කළ හැකි මෙම රෝවරය නම් කර ඇත්තේ 'ප්‍රාග්යාන්' යන නමිනි.

'වික්‍රම්' ගවේෂණ යානයත්, 'ප්‍රාග්යාන්' රෝවරයත් ඉන්දීය විද්‍යාඥයන්ගේ නිර්මාණයකි. සඳුගේ පස ගවේෂණය 'චන්ද්‍රයාන් 3' මෙහෙයුමේ අරමුණ බව පැවැසෙයි.

ගවේෂණ යානා රැගත් 'ජී.එස්.එල්.වී. මාර්ක් 3' අති ප්‍රබල රොකට්ටුව, ගුවන්ගත වීමට නියමිතව ඇත්තේ ඉන්දියාවේ, දකුණු ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ, ශ්‍රී හරිකොත පිහිටි 'සතිෂ් ධවාන්' අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙනි.‍ෙ

'වික්‍රම්' රොබෝ යානය සඳුගේ දකුණු අර්ධ ගෝලයේ තෝරාගත් ස්ථානයකට පතිත කිරීමට නියමිතය. ඉන්පසු 'ප්‍රාග්යාන්' රෝවරය, 'වික්‍රම්'  යානයෙන් පිටතට පැමිණ, ඊට පැවරුණු මෙහෙයුම්වල නියැලෙනු ඇත.

ඉන්දියාව, සඳ මතුපිටට රොබෝ යානයක් පතිත කිරීමට උත්සාහ ගන්නා දෙවැනි අවස්ථාව මෙයයි.

ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනයේ, 'චන්ද්‍රයාන් 2' මෙහෙයුම 2019 සිදුවුණු අතර, එය අසාර්ථක විය.

ඉන්දියාවේ 'චන්ද්‍රයාන් 1' මෙහෙයුම සාර්ථක එකකි. 'චන්ද්‍රයාන් 1' කක්ෂීය යානයක් වූ අතර එය සඳුගේ කක්ෂයට සාර්ථකව යැවීම සිදුවිය. සඳ මතුපිට ජල අංශු ඇතැයි ලොවට කීවේ 'චන්ද්‍රයාන් 1' යානයයි.

පසුව නාසා ආයතනය ද ඒ බව තහවුරු කළේය. 2008 දී 'චන්ද්‍රයාන් 1' මෙහෙයුම අවසන් විය.'චන්ද්‍රයාන් 1' සඳ මතුපිටට කඩා වැටීමට සැලැස්වීය.

මේ වනවිට සඳ මතුපිටට රොබෝ යානා සාර්ථකව පතිත කර ඇත්තේ, ඇමෙරිකාව, රුසියාව සහ චීනය පමණි. 'චන්ද්‍රයාන් 3' මෙහෙයුම සාර්ථක වුවහොත් එය ඉන්දියාව ලබන විශාල ජයග්‍රහණයකි.

෴ ලුසිත ජයමාන්න

'චන්ද්‍රයාන් 3' මෙහෙයුම සජීවී විකාශය YouTube හරහා නරඹන්න‍

Classified_Ad