තායිලන්තයේ පැවැත්වෙන 25 වැනි ආසියානු ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ දී, ශ්‍රී ලංකා ක්‍රීඩිකා නදීෂා රාමනායක මීටර 400 (කාන්තා) ඉසව්වෙන් රන් පදක්කමක් දිනා ගැනීමට සමත් වූවාය.
තත්පර 52.61 ක දක්ෂතාවක් දක්වමින් ඇය හා ඉසව්වේ තරග වැදුණු රටවල් පහක ක්‍රීඩිකාවන් හත් දෙනකු පරාජය කිරීමට සමත් වූ අතර, 29 හැවිරිදී නදීෂා, වසර 23 කට පසුව ආසියානු ශූරතා මලල ක්‍රීඩා තරගාවලියක දී ශ්‍රී ලංකාවට රන් පදක්කමක් දිනා දීම කැපී පෙනේ.
රන් පදක්කම දිනු නදීෂා ශ්‍රී ලංකා යුද හමුදාව නියෝජනය කරයි. ඇය වීරකැටිය රාජපක්ෂ මැදි මහ විදුහලේ ආදි ශිෂ්‍යාවකි. මෙම තරගයේදී ඇය වාර්තා කළ කාලය ඇගේ පෞද්ගලික හොඳම කාලයද වේ. නදීෂාගේ පුහුණුකරු ඩබ්ලිව්. ජී.එම්. තුෂාර මහතා ද මෙම තරග සංචාරයට එක්ව සිටී.
2000 දී ජකර්තා නුවර පැවැති ආසියානු ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ දී මීටර් 400 (කාන්තා) ඉසව්වෙන් නව ආසියානු වාර්තාවක් පිහිටුවමින් අවසන් වරට එම ඉසව්වෙන් රන් පදක්කමක් දිනා ශ්‍රී ලාංකික ක්‍රීඩිකාව කේ.පී. දමයන්ති දර්ශා ය. ඇයගේ කාලය තත්පර 51.5 කි. ඇගේ එම ආසියානු තරග වාර්තාව මේ දක්වා බිඳ වැටී නැත.