
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට අපහාස කළේ යැයි, ඉන්දීය ප්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායම වන කොංග්‍රස් පක්ෂයේ නායක රාහුල් ගාන්ධි වරදකරු කරමින් ලබා දී තිබුණු නඩු තීන්දුව අත්හිටුවීමට එරට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.
ඒ අනුව, යළි පාර්ලිමේන්තුවට සහභාගී වීමට පමණක් නොව, ලබන 2024 වසරේ පැවැත්වීමට නියමිත මහ මැතිවරණයට ඉදිරිපත් වීමට ද විපක්ෂ නායක 53 හැවිරිදි රාහුල්ට අවස්ථාව උදා වෙයි.
අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ, 'මෝදි' වාසගමට අපහාස කිරීම සම්බන්ධයෙන් වරදකරු බව තීරණය කරමින් රාහුල් ගාන්ධිට වසර දෙකක සිර දඬුවමක් ගුජරාත්හි සුරාට් අධිකරණය විසින් පනවනු ලැබුවේ මීට මාස කීපයකට පෙරය.
එම නඩු තීන්දුවෙන් අනතුරුව ඔහුට පාර්ලිමේන්තු අසුන ද අහිමි වී තිබුණි.
වසර දෙකක් හෝ ඊට වැඩි කාලයක් සඳහා සිර දඬුවමක් මන්ත්‍රීවරයකුට නියම කළහොත් ඔහුගේ මන්ත්‍රී ධුරය අහිමිවෙයි. ඒත් දැන්, ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයත් සමග ඔහුට මන්ත්‍රී ධුරය නැවතත් හිමි විය. රාහුල් යළි පාර්ලිමේන්තුවට සහභාගි වන්නේ ඒ අනුවය.
වසර දෙකක සිර දඬුවමක් පැනැවූ අවස්ථාවේදී, රාහුල් ගාන්ධිගේ දඬුවම දවස් 30 කට අත්හිටුවමින් සුරාට් අධිකරණය විසින් ඇප ලබා දී තිබුණි. දඩුවම අත්හිටුවූයේ රාහුල් ට අභියාචනා කිරීමට අවස්ථාව ලබා දීම සඳහාය.
"හොරුන් සියලු දෙනාට පොදුවේ මෝදි නාමය තිබෙනවා" යැයි රාහුල් ගාන්ධි නැගූ ප්‍රශ්නය හේතුවෙන්, රාහුල්, අග්‍රාමාත්‍ය මෝදිට අපහාස කළේ යැයි චෝසනා නැගුණි. රාහුල් එමේ ප්‍රශ්න කළේ 2019 වසරේ ජන රැලියකදීය.
එදා ගුජරාත් අමාත්‍ය පුර්නේෂ් මෝදි එම සාපරාධි අපහාස නඩුව ගොනු කළේය. පුර්නේෂ් මෝදි සහ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතරේ සම්බන්ධයක් නැත.