
ලෝකයේ වයස්ගතම බබා
ලෝකයේ වයස්ගතම බබා උපත ලැබුවා. අලුත උපන් බිලිඳකු වයස්ගතම බබා වෙන්නේ කොහොමද? මේ බබා උපන්නේ ඇමෙරිකාවේය. මෙයා පුංචි පුතෙකි. නම තේඩස් ඩැනියෙල් පියේර්ස්.
තේඩස් උපන්නේ පසුගිය ජූලි 26 වැනිදාය.
1994 වසරේදී ශීත කරණයට ලක් කර, මුදවා තැබුණු, කලලයකිනි තමයි; තේඩස් බබා පසුගිය ජූලි 26 වැනිදා උපත ලබන්නේ. මේක නල දරු උපතකි. තේඩස් බබාගේ අම්මා තාත්තා අයිඩහෝ පදිංචි, ලින්ඩ්සි සහ ටිම් පියර්ස් ය.

ලින්ඩ්සි සහ ටිම් පියර්ස්
ලින්ඩ්සි සහ ටිම් පියර්ස් යුවළට වසර 18 ක් තිස්සේ දරුවන් සිටියේ නැත. තේඩස්, ලෝකයේ වයස්ගතම බබා වෙන්නේ කොහොමදැයි දැන් බලමු. මේ කතාවේ ඉන්නවා තුන්වැන්නෙක්. ඇය ලින්ඩා ආචඩ් ය. දැන් ඇගේ වයස අවුරුදු 62 කි.
විවාහ වී, වසර 7 ක් ගතවුවත්, ලින්ඩා ආචඩ් සහ ඇගේ සැමියාට දරුවන් නොසිටි අතර, ඔවුහු නළ දරු තාක්ෂණය ඒ සඳහා භාවිත කළහ. එම ක්‍රියාවලියේ දී නිරෝගී කලල හතරක් ලබා ගැනීම සිදුවිය. එක් කලලයක් ලින්ඩාගේ ගර්භාෂයට ඇතුළු කෙරුණු අතර, ලින්ඩාට දියණියක ලැබුණි. එම දියණියගේ වයස අවුරුදු 30 කි. එම දියණියට ද අවුරුදු 10 ක පුතෙක් සිටී.
ඉතිරි කළල වෛද්‍ය පර්යේෂණාගාරයක් තුළ ආරක්ෂිතව ශීතකරණයට ලක් කර තැන්පත් කෙරුණි. ඒ ලින්ඩා ට යළි දරු සුරතල් බැලීම සඳහාය. කෙසේ නමුත් ලින්ඩා සහ සැමියා දික්කසාද වූහ. කලලවල අයිතිය ලින්ඩාට හිමිවිය.
එදා සිට මේ දක්වා මුදවා තැබුණු එම නිරෝගී කලල තුනෙන් එකක් ලින්ඩ්සි සහ ටිම් පියර්ස් යුවලට හිමිවිය.
ඒ අනුව, වසර 30 ක් මුදවා තැබුණු කලලයකින් තේඩස් පුතා උපත ලැබුවේය.
“ඇත්තටම ඒක හරිම පුදුම දෙයක්. අපේ බබාට ඉන්නවා අවුරුදු 30 ක් වයස අක්කා කෙනෙක්.” තේඩස්, ආදරයෙන් තුරුළු කරගත් ලින්ඩා ආචඩ් පවසන්නේ ඉමහත් සතුටිනි.
ලුසිත ජයමාන්න
එන්.ඩී.ටීවී. ඇසුරිනි