
ස්ට්‍රෝබෙරි අප කවුරුත් ආසා පළතුරකි. ඒත්, ලොව පළමු ස්ට්‍රෝබෙරි ප්‍රභේදය රතු පාට නැත. වනාන්තරවල ස්වාභාවිකව වැවුණු ස්ට්‍රෝබෙරි අතීතයේදී සුදු හෝ ළා පැහැති විය.
අද අප දකින විශාල රතු පැහැති ස්ට්‍රෝබෙරි නිර්මාණය වූයේ, ප්‍රංශයෙනි. ඒ, උතුරු ඇමෙරිකානු සහ චිලී ප්‍රභේද එකිනෙක මුසු කිරීමෙනි. 1750 දශකය වන විට ඒවා බහුලව වගා කෙරුණු අතර, 1766 දී උද්භිද විද්‍යාඥ ඇන්ටොයින් නිකොලා ඩුචෙස්න් ඒවා පිළිබඳව ලේඛනගත කළේය.
මනීෂි මංජරී
The Brain Maze