මිනිස්-රොබෝ බොක්සිං සටන - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Sep 23, 2026

මිනිස්-රොබෝ බොක්සිං සටන

මේක විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටයක සිදුවීමක් නම් නොවෙයි. හැබෑවටම, ලොව පළමු වරට, මානවරූපී රොබෝවකු සහ මිනිසකු අතර බොක්සිං තරගයක් පසුගිය දා සැන් ෆ්‍රැන්සිස්කෝ නුවර පැවැත්විණි.

මානවරූපී නැතිනම් මිනිසකුට සමාන අයුරින් නිර්මාණය කළ මෙම බොක්සිං ක්‍රීඩක රොබෝ ටර්මිනේටර් චිත්‍රපට මාලාවෙන් දකින්න ලැබෙන නපුරු රොබෝවකු සිහි ගන්වන ආකාරයට නිර්මාණය කර තිබුණි.

REK යන නමින් නම් කළ අඩි 6 ක් උසැති රොබෝ සමග බොක්සිං සටනේ නියැළුණේ ප්‍රසිද්ධ සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු (Influencer) වන ෆ්‍රැන්කි ලැපෙනා ය. 

තරගය ආරම්භයේ දී ෆ්‍රැන්කි ලැපෙනාගේ මුෂ්ටි ප්‍රහාරවලින් REK රොබෝ පසුබෑමට ලක්වුණු බව පෙනුණත්, තරගය අවසන් වූයේ රොබෝ ජයග්‍රහණය කරමිණි. 

රොබෝ එල්ල කළ දරුණු ප්‍රතිප්‍රහාර හමුවේ අප මානව සංහතියේ නියෝජනය වූ ෆ්‍රැන්කි ලැපෙනා පරාජයට පත් විය. සටන ආරම්භයේදීම ලැපෙනා එල්ල කළ ප්‍රබල පහරවල් කිහිපයකින් රොබෝවරයාගේ හිස පස්සට විසිවී, එය පැකිලී යාමට පවා සමත් විය. 

කෙසේ වෙතත්, මිනිස් සංහතියේ බලාපොරොත්තු වැඩි වේලාවක් රැඳී තිබුණේ නැත. රොබෝ යන්ත්‍රය ඉතා දරුණු ලෙස ප්‍රතිප්‍රහාර එල්ල කරමින් ලැපෙනාව කූඩුව හරහා විසිවී යන අයුරින් ප්‍රබල පයින් පහර කිහිපයක් එල්ල කළේය. 

විද්‍යාවේ සහ තාක්ෂණයේ දියුණුවත් සමඟ මිනිසා සහ කෘත්‍රිම බුද්ධිය අතර සීමා මායිම් දිනෙන් දින වියැකී යන යුගයක, මෙම අපූරු බොක්සිං තරගය අනාගත ක්‍රීඩා සහ විනෝදාස්වාදය කුමන දිශාවකට යනු ඇත්ද යන්න පිළිබඳ කදිම පෙරනිමිත්තකි. 

Daily Mail

Classified_Ad