ඈනුම් යෑම යනු හුදෙක් කම්මැළිකම හෝ නින්දයෑම පෙන්වීමක් නොව, එය මොළයේ උෂ්ණත්වය පාලනය කරන ස්වාභාවික ක්‍රියාවලියක් යැයි විද්‍යාඥයෝ පවසති.
ඈනුමකදී, ගැඹුරු හුස්මක් ගැනීම සහ මුහුණේ මෙන්ම බෙල්ලේ ද මාංශ පේශි ඇදීමක් සිදුවෙයි. එමගින්, රුධිර ගමනාගමනය වැඩිවෙයි.
සිරුරට ඇතුළු වන සිසිල් වාතය මගින් මොළයේ උෂ්ණත්වය සුළු වශයෙන් පහළ දැමීමක් කරයි.
අධික තෙහෙට්ටුවක් හෝ මානසික වෙහෙසක් ඇති විට, මොළය වඩාත් කාර්යක්ෂමව පවත්වා ගැනීමට ඈනුම් උපකාරී වෙයි. ඈනුම් මොළය සිසිල් කරන විදුලි පංකාවක් වැනිය.
Live Science ඇසුරිනි
