යුක්රේන සංචාරකයන්ට කොරෝනා - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Dec 31, 2020

යුක්රේන සංචාරකයන්ට කොරෝනා

සංචාරක ව්‍යාපාරය අරඹමින්, සංචාරකයන් යළි ගෙන්වා ගැනීමට අවසර දීමත් සමඟ පසුගිය 26 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයන් කණ්ඩායමේ තිදෙනකුට කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වයිරසය අසාදනය වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

මාස 10 කට පමණ පසුව යුක්රේනයේ සිට පැමිණි සංචාරකයෝ 185 ක් පමණ විශේෂ ගුවන් යානයකින් පසුගිය 26 වැනිදා මත්තල ගුවන් තොටුපොළට පැමිණියහ. 

කොරෝනා ආසාදිතයන් වාර්තා වී ඇත්තේ එම කණ්ඩායමෙනි. 

මෙම පිරිස යුක්රේනයේ සිට මෙරටට පැමිණෙද්දී, කොරෝනා පරීක්ෂණවලට යොමු වී ඇති අතර, එහිදී රෝගී වූ කිසිවකු වාර්තා වී නොබුණි. 

ආසාදිතයන් හමුවී ඇත්තේ මත්තල ගුවන් තොටුපොළට පැමිණීමෙන් පසු සිදු කළ පරීක්ෂණවලදී ය. 

ඒ අනුව ආසාදිතයන් තිදෙනාත් සෙසු පිරිසත් නිරෝධායනයට යොමු කෙරුණි.

Classified_Ad

Classified_Ad_News_Bottom