රුපියල අනවශ්‍ය ලෙස අවප්‍රමාණය වළක්වනවා - ශ්‍රී ලංකා මහ බැංකුව - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Dec 27, 2020

රුපියල අනවශ්‍ය ලෙස අවප්‍රමාණය වළක්වනවා - ශ්‍රී ලංකා මහ බැංකුව


රුපියල අනවශ්‍ය ලෙස අවප්‍රමාණය වීම වැළැක්වීම සඳහා සුදුසු ක්‍රියාමාර්ග ගන්නා බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

පසුගිය දින කිහිපයේදී විනිමය අනුපාතිකය අනවශ්‍ය ලෙස උස් පහත් වී ඇතැයි ද එම නිසා වෙනත් ක්‍රියාමාර්ග ගන්නා අතරම දේශීය විදේශ විනිමය වෙළෙඳපොළේ උච්ඡාවචන පාලනය කිරීම සඳහා සුදුසු ක්‍රියාමාර්ග ගන්නා බව ද මහ බැංකුව කියයි.

එම ක්‍රියාමාර්ග, සහ අත්‍යවශ්‍ය නොවන ආනයන සීමා කිරීම අඛණ්ඩව පවත්වා ගැනීමත් යන කරුණු හේතුවෙන් ඉදිරි දින කිහිපය තුළ දී විනිමය අනුපාතිකය ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල් 185ට වඩා අඩු මට්ටමකට ගෙන ඒමට හැකියාව ලැබෙනු ඇතැයි ද එම බැංකුව සඳහන් කරයි.

නිල සංචිත ප්‍රමාණවත් මට්ටමක පවතින බවත් දැනට දළ නිල සංචිත ඇමෙරිකානු ඩොලර් බිලියන 5.6ක් බවත් ශ්‍රී ලංකා මහ බැංකුව කියයි.

සංචිත මට්ටම ඉහළ නැංවීම සඳහා මහ බැංකුවේ දේශීය හා විදේශීය හවුල්කරුවන් සමඟ පවත්වන සාකච්ඡා ද සාර්ථක බවත් ඒවා දැන් අවසන් අදියරට පැමිණ ඇති බවත් එම බැංකුව පවසයි.

අපේක්ෂිත ලැබීම් සහ දේශීය නිෂ්පාදන ආර්ථිකයේ අඛණ්ඩ වර්ධන සමඟ විදේශ විනිමය ලැබීම් ඉහළ යෑමට හේතුවනු ඇති බවත් ඉදිරි කාලයේදී ද විනිමය අනුපාතිකයේ ස්ථාවරභාවය පවත්වා ගැනීමට මෙන්ම ශ්‍රී ලංකාවේ ණය ගෙවීම් නියමිත පරිදි පියවීම සඳහා උපකාරී වනු ඇතැයි ද ශ්‍රී ලංකා මහ බැංකුව තවදුරටත් සඳහන් කරයි.

Classified_Ad

Classified_Ad_News_Bottom