ලංකාවේ කුළුබඩු අත්හදා බලන්න - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Dec 30, 2020

ලංකාවේ කුළුබඩු අත්හදා බලන්න


ශ්‍රී ලංකාවේ කුළුබඩු නිෂ්පාදන වර්ග පිළිබඳව අත්හදා බලන්නැයි තුර්කියේ ශ්‍රී ලංකා තානාපති එම්. රිස්වි හසන් මහතා එරට ව්‍යාපාරිකයන්ට ඇරැයුම් කර තිබේ.

තුර්කියේ අන්කාරා අගනුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මගින් ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සහ “තුර්කි-ශ්‍රී ලංකා ව්‍යාපාරික සභාව” සමඟ එක්ව පැවැත්වූ  කුළුබඩු අංශය පිළිබඳ තොරතුරු හුවමාරු කිරීමේ ව්‍යාපාරික අන්තර්ජාල සැසියකදී තුර්කියේ ශ්‍රී ලංකා තානාපති එම්. රිස්වි හසන් මහතා විසින් මෙම ඇරැයුම කළ බව වාර්තා වේ.

තුර්කි - ශ්‍රී ලංකා ව්‍යාපාරික කවුන්සිලයේ' සාමාජික, නෙව්සෙහිර් සඳහා නිර්වේතනික ශ්‍රී ලංකා කොන්සල් සහ සහ ලංකා බැලොනිං (පුද්) සමාගමේ සභාපති මහමුත් උලුවර් මහතා මෙම සැසිවාරයට එක්වෙමින් ශ්‍රී ලංකාවේ සිය අත්දැකීම් බෙදාහදා ගත් අතර, ලංකා කුළුබඩුවල විශේෂත්වය පිළිබඳව මනා පැහැදිලි කිරීමක් ද කළේය.

තුර්කි කුළුබඩු ඇසුරුම්කරුවන්ගේ සංගමයේ සභාපති මුස්තාපා අයිඩාන් අකුන් මහතා සැසිවාරය අතරතුරේ අදහස් දක්වමින්, දෙරට අතර වෙළඳාම පුළුල් කිරීම සඳහා ශ්‍රී ලංකා සමාගම් සහ ශ්‍රී ලංකා සංගම් සමඟ එක්ව කටයුතු කිරීම සඳහා දක්වන උනන්දුව පැහැදිලි කළේය.

මෙම සැසිය අතරතුර දී, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සහ ශ්‍රී ලාංකික කර්මාන්ත නියෝජිතයන් වන, ඉන්ටර්නැෂනල් කොමෝඩිටි ට්‍රේඩර්ස්/සිල්වර්මිල්ස් සමූහය (පුද්.) සමාගමේ අධ්‍යක්ෂ නන්ද කොහොන මහතා, එච්ඩීඩීඊඑස් එක්ස්ට්‍රෑක්ට්ස් (පුද්.) සමාගමේ අධ්‍යක්ෂ ගෙහාන් ද සිල්වා මහතා සහ සීමාසහිත ඉම්පීරියල් ස්පයිසස් (පුද්.) සමාගමේ ව්‍යාපාර සංවර්ධන අධ්‍යක්ෂ රූමේෂ් ජයසූරිය මහතා විසින් ලංකාවේ කුළුබඩු පිළිබඳ සවිස්තරාත්මක ඉදිරිපත් කිරීම් සිදු කරනු ලැබුණි.ශ්‍රී ලංකාවේ කුළුබඩු වර්ග අත්හදා බලමින්, ඒ වෙනස හඳුනා ගන්නැයි තුර්කි ව්‍යාපාරිකයින්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

Classified_Ad

Classified_Ad_News_Bottom