
කළුතර දිස්ත්‍රික්කයේ - දොඩම්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් නෑහින්න ග්‍රාමයේ පදිංචිව සිටි වේලු පාප්පානි මාතාව උපත ලබා ඇත්තේ 1903 වසරේ මැයි තුන්වැනිදාය. රජයෙන් නිකුත් කරන වැඩිහිටි හැඳුනුම්පත මගින්ද ඇගේ වයස සනාථ වී තිබේ.
මෙරට වයස්ගතම කාන්තාව බවට සඳහන් කරමින් වැඩිහිටියන් සඳහා වූ ජාතික සභාව ඇය වෙත සහතියක් ද පිරිනැමීම කළේ පසුගිය 2019 වසරේ ඔක්තෝබර් පළමු වැනිදාට යෙදී තිබූ ජාත්‍යන්තර වැඩිහිටි දිනයේදීය.