ක්‍රොයේෂියාවට ප්‍රබල භූමි කම්පාවක් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Dec 29, 2020

ක්‍රොයේෂියාවට ප්‍රබල භූමි කම්පාවක්


රික්ටර් පරිමාණයේ ඒකක 6.3 ක ප්‍රබලත්වය සටහන් කළ භූමි කම්පාවකින් මධ්‍යම ක්‍රොයේෂියාව මීට සුළු මොහොතකට පෙර කැලඹී ගියේය. ක්‍රොයේෂියාවේ අගනුවර වන්නේ, සාග්‍රට් වන අතර, භූමි කම්පාව හටගත්තේ සාග්‍රට් සිට කිලෝ මීටර් 60 ක් දුරින් පිහිටි ප්‍රටීජා නුවර කේන්ද්‍රකොට ගනිමිනි.


ප්‍රටීජා නුවර නිවාස සහ ගොඩනැගිලි රැසක් දෙදරා ගොස් බිමට සමතලා වුණු අතර සිය ගණනක් දෙනා සුන්බුන් අතර සිරවී සිටින බව පැවැසෙයි. 

මේ වනවිට නිල වශයෙන් වාර්තා වී ඇත්තේ එක් මරණයක් පමණි.ක්‍රොයේෂියාව නැගෙනහිර යුරෝපා රටකි.

(අල් ජසීරා) 

Classified_Ad

Classified_Ad_News_Bottom