ශ්‍රී ලංකා පොලිසියට ඕස්ට්‍රේලියා පොලිසියෙන් ආධාර - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Dec 27, 2020

ශ්‍රී ලංකා පොලිසියට ඕස්ට්‍රේලියා පොලිසියෙන් ආධාර


‘කොවිඩ්-19’ වසංගතය මර්දනය කිරීම සඳහා ඔස්ට්‍රේලියානු පොලීසිය ශ්‍රී ලංකා පොලිසියට වෛද්‍යාධාර තොගයක් පිරිනමා ඇත.


ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසියේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරී , අපරාධ පරීක්ෂණ අංශයේ පොලිස් අධිකාරී රොබ් විල්සන් මහතා ශ්‍රී ලංකා පොලිස් රෝහලේ දී පසුගිය දා එම වෛද්‍යාගාර තොගය ශ්‍රී ලංකා පොලිසියට පිරිනැමූ අතර ශ්‍රී ලංකා පොලිසිය වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතා එම වෛද්‍යාධාර තොගය බාරගත්තේ ය.


මෙම වෛද්‍ය උපකරණ මගින් ශ්‍රී ලංකා පොලිස් නිලධාරීන් අතර ‘කොවිඩ්-19’ වයිරසය පැතිර යෑමේ අවදානම අවම කරගැනීමට හා ඔවුන්ගේ රාජකාරි අඛණ්ඩව හා බාධාකින් තොරව කරගෙන යාම සඳහා සහාය වීමට අපේක්ෂා කරන බව මෙරට ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.


මෙම වෛද්‍යාධාර තොගය ශ්‍රී ලංකා පොලිසිය වෙත ඔස්ට්‍රේලියා රජය දක්වන සමස්ත සහයෝගයේ කොටසක් වන අතර ඔස්ට්‍රේලියාව දැනටමත් මෙරට සෞඛ්‍ය සුරක්ෂිතතාව ඉහළ නැංවීමටත් මෙරට ජන ප්‍රජාවලට ඉතා වැදගත් ආහාර හා සනීපාරක්ෂක භාණ්ඩ සැපයීමටත් , ආර්ථිකය යළි ගොඩනැංවීම සඳහා සහාය වීමටත් පියවර ගෙන ඇත.

Classified_Ad

Classified_Ad_News_Bottom