හිටපු අගමැති ලේකම් දකුණු අප්‍රිකාවේ මහකොමසාරිස් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Dec 27, 2020

හිටපු අගමැති ලේකම් දකුණු අප්‍රිකාවේ මහකොමසාරිස්


හිටපු  අග්‍රාමාත්‍ය ලේකම් එස්. අමරසේකර මහතා දකුණු අප්‍රිකාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ලෙස එම ධූරයේ සිය රාජකාරී කටයුතු භාර ගත්තේය.


දකුණු අප්‍රිකාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ලෙස පත්වූ අමරසේකර මහතා දශක පහකට අධික කාලයක් ශ්‍රී ලංකා රජයේ ජ්‍යෙෂ්ඨතම තනතුරු දැරූ අතර,  අග්‍රාමාත්‍ය ලේකම් , අමාත්‍ය මණ්ඩලයේ ලේකම් ලෙසද සේවය කර තිබේ.


සිය රාජ්‍ය සේවා කාලය තුල ප්‍රධාන අමාත්‍යාංශ කිහිපයක ලේකම් තනතුරු ද හෙබ වූ අමරසේකර මහතා පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් මූලික උපාධිය ලබා ඇති අතර, එක්සත් රාජධානියේ බාත් විශ්වවිද්‍යාලයෙන් සංවර්ධන අධ්‍යයනය පිළිබඳ පශ්චාත් උපාධිධරයෙක ද වෙයි.


පසුගිය දා  ප්‍රිටෝරියා නුවර පිහිටි හි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයට පැමිණි අමරසේකර මහතාව එහි කාර්ය මණ්ඩලය විසින් පිළිගනු ලැබූ අතර, ආගමික වතාවත් පිළිපැදීමෙන් අනතුරුව හෙතෙම නිල වශයෙන් රාජකාරි භාර ගත්තේය.


පසුව මහ කොමසාරිස් කාර්යාල කාර්ය මණ්ඩලය ඇමතූ ශ්‍රී ලංකා  මහ කොමසාරිස්වරයා කියා සිටියේ වෙළඳ, ආයෝජන සහ සංචාරක කටයුතු ප්‍රවර්ධනය කිරීම කෙරෙහි අවධානය යොමු කරමින්, පශ්චාත් කොවිඩ්-19 යුගයේ දී දකුණු අප්‍රිකාව සහ අනෙකුත් අක්ත ගන්වන ලද රාජ්‍ය සමඟ ආර්ථික සබඳතා වැඩි දියුණු කිරීමට කටයුතු කරන බවය.


මහ කොමසාරිස් කාර්යාලයේ අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා එකමුතුකම හා කණ්ඩායම් හැඟීමෙන් යුතුව කටයුතු කිරීමේ අවශ්‍යතාවය මහ කොමසාරිස්වරයා තවදුරටත් අවධාරණය කළේය.

Classified_Ad

Classified_Ad_News_Bottom