පාර්ලිමේන්තුව යළි මාධ්‍යවේදීන්ට විවෘත කෙරේ - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Dec 30, 2020

පාර්ලිමේන්තුව යළි මාධ්‍යවේදීන්ට විවෘත කෙරේ


පාර්ලිමේන්තු රැස්වීම් වාර්තා කිරීමට මාධ්‍යවේදීන්ට සහ මාධ්‍ය ආයතනවලට යළි අවසර හිමිවිය. ඒ අනුව, එම අවසරය හිමිවන්නේ එක් මාධ්‍ය ආයතනයකින් මාධ්‍යවේදීන් දෙදෙනකුට පමණි.

මෙම තීරණය දැනුම් දුන්නේ පාර්ලිමේන්තුවේ සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාය.

 ඒ අනුව පාර්ලිමේන්තුව නැවත රැස්වන ලබන ජනවාරි 5 වැනිදා සිට පාර්ලිමේන්තු රැස්වීම් ආවරණය සදහා එක් මාධ්‍ය ආයතනයකින් එක් මාධ්‍යවේදියකු බැගින් පාර්ලිමේන්තු පරිශ්‍රයට ඇතුලත් කරගනු ඇති බවද ගුණවර්ධන මහතා පැහැදිලි කළේය.

එක් මාධ්‍ය ආයතනයකට පාර්ලිමේන්තු අවසර පත් දෙකක් නිකුත් කරනු ලබන්නේ මෙලෙස එක් මාධ්‍යවේදීයකුට පාර්ලිමේන්තුවට පැමිණිමට නොහැකි වුවහොත් අවසර පත් හිමි අනෙක් මාධ්‍ය වේදියාට පැමිණිය හැකි වන බැවින් බවද අමාත්‍යවරයා සදහන් කෙළේය. 

කොවිඩ් 19 වයිරස වසංගතය හේතුවෙන් පාර්ලිමේන්තු රැස්වීම් වාර්තාකරණය සදහා මධ්‍යවේදින්ට ද තිබු අවසරය ඉකුත් ඔක්තෝබර් මස අග සිටදී තාවකාලිකව නවතා දමා තිබුණි.

Classified_Ad

Classified_Ad_News_Bottom