
56 හැවිරිදි කමලා හැරිස් ලබා ගත්තේ, ඇමෙරිකාවේ 'මොඩර්නා' ඖෂධ නිෂ්පාදන සමාගම නිපදවූ සියයට 92 ක් සාර්ථක යැයි පැවැසෙන ප්‍රතිශක්තිකරණ එන්නතය. වොෂින්ටන් අගනුවර 'යුනයිටඩ්' වෛද්‍ය මධ්‍යස්ථානයේදී කමලා හැරිස් එන්නත ලබා ගන්නා අයුරු සජීවීව ඇමෙරිකන් පුවත් නාළිකා ඔස්සේ විකාශය කෙරුණි.
කමලා හැරිස් ට අමතරව ඇගේ සැමියා ඩග් එම් හොෆ් ට ද එන්නත හිමිවුණු බව වාර්තා වේ.
කමලා හැරිස් එන්නත ප්‍රසිද්ධියේ ලබා ගත්තේ එය ලබා ගැනීම ආරක්ෂිත බව ඇමෙරිකානුවන්ට ඒත්තු ගන්වමිනි. ඊට හේතුව කොරෝනා මර්දන එන්නත් ලබා ගැනීමට ඇමෙරිකානුවන් බොහෝ දෙනකු මැලිකමක් දැක්වීමය.
එසේ මැලිකමක් දක්වන වැඩි දෙනා ඇමෙරිකානු කළු ජාතිකයන්ය. එන්නත ලබා ගන්නා ලෙසත් එන්නත ලබා ගැනීම ඇමෙරිකානුවන්ගේ වගකීම බවත් කමලා හැරිස් පෙන්වා දුන්නාය.

එයින් පළමු එන්නත ඇමෙරිකාවේ 'ෆයිසර්' සමාගම සහ ජර්මනියේ 'බයෝඇන්ටෙක්' සාමාගම හවුලේ නිපදවා ඇති සියයට 95 ක් සාර්ථක එන්නතය.
මීට සතියකට පෙර ඇමෙරිකාවේ ජනාධිපති ධුරයේ දිවුරුම් දීමට සූදානම් වන ජෝ බයිඩන් ලබා ගත්තේ 'ෆයිසර්' එන්නතය.
ඇමෙරිකාවේ වත්මන් උප ජනාධිපති මයික් පෙන්ස් සහ කොංග්‍රස් මණ්ඩල සාමාජික සාමාජිකාවන්ට ද ලබා දී ඇත්තේ 'ෆයිසර්' එන්නතය. ජෝ බයිඩන් සහ මයික් පෙන්ස් එන්නත ලබා ගත්තේ ද සජීවීව එම දසුන් ඇමෙරිකානුවන්ට දැක ගන්න සලස්වමිනි.
ජෝ බයිඩන් සහ කමලා හැරිස් ඔවුන්ගේ ධුරවල දියුරුම් දෙනු ඇත්තේ ලබන 12 වැනිදාය'ෆයිසර්' සහ 'මොඩර්නා' එන්නත් දෙකට හෝ වෙනත් කිසිදු කොරෝනා මර්දන එන්නතකට හෝ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය තවමත් හිමිවී නැත.
ඇමෙරිකානුවන්ට එන්නත ලබා දෙන්නේ හදිසි අවස්ථාවක් සේ සලකමිනි.
ඒ, 'ෆයිසර්' සහ 'මොඩර්නා' එන්නත්වලට ඇමෙරිකන් ආහාර සහ ඖෂධ පාලන අධිකාරියේ අනුමැතිය හිමිවුණු බැවිනි. ලොව වැඩිම කොරෝනා ආසාදිතයන් සහ මරණ වාර්තා වන්නේ ඇමෙරිකාවෙනි. 'මොඩර්නා' එන්නත මෙන්ම 'ෆයිසර්' එන්නත ද මාත්‍රා දෙකකින් යුක්තය.
'කොවිඩ් 19' වයිරසයට එරහිව ප්‍රතිශක්තියක් ඇති වන්නේ දෙවැනි එන්නත ලබා ගැනීමෙන් පසුවය.
(ඒ.එෆ්.පී.)