කොරෝනා ආසාදිත සංචාරකයන් ගණන 6 ක් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jan 2, 2021

කොරෝනා ආසාදිත සංචාරකයන් ගණන 6 ක්

කොරෝනා වයිරසය ආසාදිත යුක්රේන සංචාරකයින් සංඛ්‍යාව ඊයේ (01) වනවිට  6 දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ සදහන් කර සිටී.

මෙරටට පැමිණි සංචාරකයින් සදහා රජය විසින් ලබා දෙන කොවඩ් සෞඛ්‍ය රක්ෂණාවරණය එම සංචාරකයින් හය දෙනාට හිමි අතර එම රක්ෂණාවරණය යටතේ ඔවුන් මේවන විට කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවද සෞඛ්‍ය සදහන් කරයි.

මාස නමයකට පසුව ඉකුත් 28 වැනිදා සහ 29 වැනිදා යුක්රේන ජාතික සංචාරකයින් 394 දෙනෙකු මත්තල ගුවන්තොටුපළින් මෙරටට පැමිණි අතර එම අවස්ථාවේදී සිදු කළ පී.සී.ආර්. පරීක්ෂණ වලින් මෙලෙස කොරෝනා වයිරස් ආසාදිතයින් බවට තහවුරු වී ඇත.

ආසාදිතයින් හැරුණු කොට සෙසු පිරිස මේවනවිට බෙන්තොට සහ කොග්ගල ප්‍රදේශ යන්හි සංචාරක හෝටල් වල නිරෝධායනය වෙමින් සිටිති.

Classified_Ad

Classified_Ad_News_Bottom