අද සවස තවත් සංචාරකයෝ එනවා - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jan 2, 2021

අද සවස තවත් සංචාරකයෝ එනවා

සංචාරකයන් මෙරටට ගෙන්වීමේ නියමු ව්‍යාපෘතිය යටතේ තවත් යුක්රේන ජාතික සංචාරකයින් 215 ක් අද (02) පස්වරුවේ මත්තල ගුවන්තොටුපළින් දිවයිනට පැමිණෙන බව සංචාරක අමාත්‍යාංශය කියා සිටී.

යුක්රේනයේ කිව් අගනුවර සිට ‘‘ස්කයි අප් ‘‘ ගුවන් සේවයට අයත් පී.කිව් 555 දරණ ගුවන් යානයෙන් මෙම පිරිස අද පස්වරු 2.45ට මත්තල ගුවන්තොටුපළට පැමිණෙන බවද එම අමාත්‍යාංශය කියා සිටී.

මෙම පිරිස ගුවන් තොටුපළේ පී.සී.ආර් පරීක්ෂණ වලට යොමු කිරීමෙන් පසුව බෙන්තොට සහ ගාල්ල ප්‍ර දේශයේ සංචාරක හෝටල් වෙත නිරෝධායනය සදහා යොමු කෙරෙන බවද සංචාරක අමාත්‍යාංශය කියා සිටී.

සංචාරකයින් මෙරටට ගෙන්වීමේ නියමු ව්‍යාපෘතිය යටතේ ලබන 24 වැනිදා තෙක් යුක්රේන සංචාරකයින් 2580 දෙනෙකු මත්තල ගුවන්තොටුපළින් මෙරට සංචාරය සදහා පැමිණීමට නියමිත බවද එම අමාත්‍යාංශය වැඩිදුරටත් කියා සිටී.

Classified_Ad

Classified_Ad_News_Bottom