තවත් 68,000 ක් එන්න බලන් ඉන්නවා - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jan 3, 2021

තවත් 68,000 ක් එන්න බලන් ඉන්නවා

කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ විදෙස් රටවල  අගුලු දැමීම්, හුදකලා කිරීම්, ඇඳිරි නීතිය පැනවීම් සහ ගුවන් අවකාශය වසා දැමීම් හමුවේ අසරණව සිටින තවත් ශ්‍රී ලාංකිකයින් 68,000ක පමණ පිරිසක් දිවයිනට පැමිණීමේ අපේක්ෂාවෙන් පොරොත්තු ලේඛනගතව සිටින බව විදේශ අමාත්යාං ශයේ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා අද (3) පැවැසුවේය.

එවැනි තත්ත්වයක් හමුවේ වුවද , පසුගිය වසරේ පෙබරවාරි මාසයේ සිට මේ දක්වා රටවල් 137ක රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 60,470 දෙනෙකු දිවයිනට ගෙන්වා ගැනීමට රජය  පියවර ගත් බවද විදේශ ලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියේය.

වර්තමානයේ පවතින දැවැන්තම අභියෝගයන්ගෙන් එකක් වන ශ්‍රී ලාංකිකයන් නැවත මෙරටට ගෙන්වා ගැනීමේ ක්‍රියාවලිය විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ උපදෙස් අනුව අඛණ්ඩව සිදු කරන බව විදේශ අමාත්‍යංශයේ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා පෙන්වා දෙයි.

ගෙන්වා ගනු ලැබූ  ලාංකිකයින් අතුරෙන් ඉන් වැඩිම පිරිසක් මැදපෙරදිග කලාපයෙන් ගෙන්වාගෙන ඇති අතර විදේශයන්හි පවතින තත්වය, සේවයෙන් ඉවත් කිරිම් ආදී කරුණු හේතුවෙන් මෙරටට පැමිණීමට අපේක්ෂාවෙන් සිටින විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව එම අමාත්‍යාංශ ලේකම්වරයා වැඩිදුරටත් කියා සිටී.

ඒ අනුව ඉකුත් පෙබරවාරි මාසයේ දී වූහාන් නගරයේ සිටි සිසුන් 33 දෙනෙකු මෙරටට ගෙන්වා ගත් දින සිට, මෙම අමත්‍යාංශය වසරකට ආසන්න කාලයක් තිස්සේ විදේශයන්හි අසරණ වු සංක්‍රමණික ශ්‍රමිකයින්, වන්දනාකරුවන්, සිසුන් සහ රජයේ හෝ හමුදා නිලධාරීන්,  කෙටිකාලීන සංචාරකයන්, නාවිකයන් සානුකම්පිත හේතු මත ගෙන්වා ගන්නා ලද  ශ්‍රී ලාංකිකයන් ද වන බව විදේශ අමාත්‍යාංශ ලේකම්වරයා කියා සිටී.

ලාංකික සංක්‍රමණික ශ්‍රමිකයින් අතරින් ප්‍රධාන වශයෙන් මැදපෙරදිග කලාපයෙන් පැමිණි සංක්‍රමණික  ශ්‍රමිකයින් 40,000 කට අධික සංඛ්‍යාවක් මේ දක්වා මෙමගින් ප්‍රතිලාභ ලබා ඇති වැඩිම කොටස වන අතර, යුරෝපය, අප්‍රිකාව, ආසියාව සහ ලතින් ඇමරිකානු කලාපවලින් තවත් ශ්‍රී ලාංකිකයන් 20,000 ක් පමණ ගෙන්වා ගනු ලැබූ බවද හෙතෙම පෙන්වා දුන්නේය.

මෙම සතිය තුළදී චෙන්නායි, මෙල්බන්, කුවේට්, දෝහා, ටොරන්ටෝ, සයිප්‍රස් සහ ඩුබායි හි සිට ශ්‍රි ලාංකිකයන් 1,400 දෙනෙකු දිවයිනට පැමිණීමට නියමිත බව අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

Classified_Ad

Classified_Ad_News_Bottom