
ටෙස්ට් ක්‍රිකට් තරග දෙකකට සහභාගී වීමට එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම අද (3) දිවයිනය ට පැමිණියේය.
සංචාරක එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම රැගත් විශේෂ ගුවන් යානය ගොඩබෑවේ මත්තල ගුවන්තොටුපොළටය.
එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම 44 දෙනෙකුගෙන් සමන්විත වන අතර, ඔවුන් රැගෙන ආ විශේෂ ගුවන් යානයේ කාර්ය මණ්ඩල සාමාජිකයින් සංඛ්‍යාව 13 කි.

පැමිණි පිරිස මත්තල ගුවන්තොටුපොල පරිශ්‍රය තුළදීම පීසීආර් පරීක්ෂණ සදහාද යොමු කිරීමෙන් පසු හම්බන්තොට ෂැංග්‍රිලා හෝටලයට විශේෂ ආරක්ෂාවක් යටතේ රැගෙන යනු ලැබුණි.
ශ්‍රි ලංකාව සහ එංගලන්තය අතර ටෙස්ට් තරග මේ මස 14 වැනිදා සහ 22 වැනිදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාංගණයේදී ආරම්භ කෙරනු ඇත.
ඡායාරූප - Sri Lanka Cricket ෆේස්බුක් පිටුවෙන්