ලංකාවේ තේවලට තිරු බදු සහන - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jan 3, 2021

ලංකාවේ තේවලට තිරු බදු සහන

ශ්‍රී ලංකාවේ තේ අපනයනයේදී දකුණු අප්‍රිකාවෙන් තිරුබදු සහන දිමට අවධානය යොමුව ඇතැයි විදේශ අමාත්‍යාංශය කියා සිටී.

ඒ අනුව ශ්‍රී ලංකා තේ සඳහා වසර තුනකට නොවැඩි කාලයකට තීරුබදු පහත හෙළීම සඳහා කෙරෙන ඉල්ලීම හැකි අයුරින් සලකා බලන බව ශ්‍රී ලංකාවේ දකුණු අප්‍රිකා මහ කොමසාරිස් රොබීනා පී. මාර්ක්ස් මහත්මිය පැවසූ බවද එම අමාත්‍යාංශය කියා සිටී.

දෙරටේ ව්‍යාපාරික ප්‍රජාව සම්බන්ධ කර ගනිමින් අන්තර්ජාලය ඔස්සේ පැවති ශ්‍රී ලංකා - දකුණු අප්‍රිකා ව්‍යාපාර ප්‍රවර්ධන රැස්වීම’ අමතමින් දකුණු අප්‍රිකා මහකොමසාරිස්වරිය මේ බව සදහන් කර ඇත.

ජාත්‍යන්තර සිල්ලර වෙළඳ සන්නාමයක් වන දකුණු අප්‍රිකාවේ ස්පාර්  SPAR සමූහය සහ සිලෝන් බිස්කට් සමාගම අතර සිදුවූ හවුල් ව්‍යාපාරයක් හරහා ශ්‍රී ලංකාවේ අලෙවිසැල් 4 ක් විවෘත කර ඇති බවත්, එය වෙළඳසැල් 20 ක් දක්වා ව්‍යාප්ත කිරීම සඳහා සැලසුම් කොට ඇති බවද දකුණු අප්‍රිකා මහකොමසාරිස්වරිය වැඩිදුරටත් පැවසූවාය.

කොවිඩ්-19 අතරතුර දෙරටේ ද්විපාර්ශ්වික වෙළඳ සබඳතා වලදී ශ්‍රී ලංකාව තුළ සිය වෙළඳ උපායමාර්ගය නැවත සකස් කිරීමේ අවශ්‍යතාවයද ඇය මෙම ව්‍යාපාරික ප්‍රජාව වෙත පෙන්වා දුන්නාය.

දකුණු අප්‍රිකාවට මත්ස්‍ය අපනයනය ඉහළ නැංවීමේ හැකියාව, මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයේ අගය එකතු කිරීම සහ දැනුම හුවමාරු කර ගැනීම, පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ අවස්ථා සහ ටින්වල ඇසුරුම් කිරීමේ කර්මාන්තයේ ආහාර සංරක්ෂණය සඳහා විශේෂඥ දැනුම බෙදා හදා ගැනීම පිළිබඳව මහකොමසාරිස්වරිය ලාංකික ව්‍යාපාරික ප්‍රජාවේ නියෝජිතයින් සමඟ අදහස් හුවමාරු කර ගත්තාය.

මෙම අන්තර්ජාලය හරහා පැවති රැස්වීම විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ඉල්ලීමත් මත පැවැත්වූ අතර, ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ව්‍යාපාරික කවුන්සිලයේ සභාපති කෝසල වික්‍රමනායක මහතා, වෙස්ග්‍රෝ සමාගමේ, ආසියාව සඳහා රටේ කළමනාකරු බෙන්ජමින් ජෝර්ඩන් මහතා, වෙස්ග්‍රෝ සමාගමේ ජාත්‍යන්තර වෙළඳ සංවර්ධන කළමනාකරු නාඩින් ස්මිත් ක්ලාක් මහත්මිය, ටෙස් පීඑල්සී සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ශිරාන් ප්‍රනාන්දු මහතා, සේෆිර් කැපිටල් සමාගමේ සභාපති ආර්මිල් සම්මූන් මහතා සහ රන්ෆිකා සමූහයේ අලෙවිකරණ අධ්‍යක්ෂ, රුවිනිකා කිනිගම මහත්මිය ඒ සඳහා සහභාගී වූහ. 

Classified_Ad

Classified_Ad_News_Bottom