මුල්ම ආසාදිතයා සොයා ගන්න බැරිවේවි - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jan 17, 2021

මුල්ම ආසාදිතයා සොයා ගන්න බැරිවේවි

'කොවිඩ් 19' වයිරසය ආසාදනය වූ පළමු පුද්ගලයා කවුරුන්දැයි සොයා ගැනීමට හැකියාවක් නොමැති බව චීනයේ හුබෙයි පළාතේ වූහාන් නුවරට ගිය ජගත් විමර්ශන කණ්ඩායම් පවසයි. 

මෙම විමර්ශන කණ්ඩායම් ලෝක සෞඛ්‍ය සංවිධානය නියෝජනය කරයි. 

විශේෂඥයන්ගෙන් සැදුම්ලත් විමර්ශන කණ්ඩායම් දෙකක් වූහාන් බලා ගොස් සිටී. ඔවුන්ගේ අරමුණ වී ඇත්තේ 'කොවිඩ් 19' වයිරසයේ සුලමුල සොයා බැලීමය. 

වයිරස වසංගතයදී පළමු ආසාදිත තැනැත්තා (patient zero) සොයා ගැනීම වැදගත්ය. වයිරසයේ සුලමුල පමණක් නොව, වයිරසට නිශ්චිත ප්‍රතිකර්මයක් සොයා ගැනීමට එමගින් හැකියාවක් ලැබේ. 

වූහාන් බලා ගොස් සිටින විශේෂඥයන් පවසන්නේ, පළමු ආසාදිතයා කවුරුන්දැයි තහවුරු කර ගැනීමට චීන සෞඛ්‍ය අංශ අපොහොසත් වී ඇති බවය. 

චීනයේ වූහාන් නුවරින් පළමුවෙන් ආසාදිතයන් පොකුරු වශයෙන් හමුවුණු බැවින්, පළමු ආසාදිතයා නිසැකවම කවුරුන්දැයි සොයා ගැනීම ගැටලුවක් වී තිබේ. 

 රොයිටර්

Classified_Ad

Classified_Ad_News_Bottom