කලාපීය වැවිලි සමාගම්වලින් නව යෝජනාවක් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jan 17, 2021

කලාපීය වැවිලි සමාගම්වලින් නව යෝජනාවක්

කලාපීය වැවිලි සමාගම් යෝජනා කළ රුපියල් 1,105 ස්ථාවර දෛනික වැටුප, පැමිණීමේ සහ නිෂ්පාදන දිරි දීමනා ලබාදීමට අවසන් යෝජනාව සකස් කළ බව එම සමාගම් සඳහන් කරයි. 

මෙම අවසන් සහ නව යෝජනාව යටතේ වතු කම්කරුවකුගේ මූල වැටුප රුපියල් 700ක් ලෙසත් ඊ.පී.එෆ්/ඊ.ටී.එෆ්. රුපියල් 105ක් ලෙසත් ඊට අමරතව පැමිණීවේ දීමනාව ලෙස රුපියල් 150ක් ද නිෂ්පාදන දිරි දීමනා ලෙස රුපියල් 150ක් ද ලබාදෙන බව කලාපීය වැවිලි සමාගම් කියයි. 

මෙම නව යෝජනාවලිය යටතේ කම්කරුවන්ට ඔවුන්ගේ මාසික ආදායමට රුපියල් 6,250ක සැලකිය යුතු වැඩි කිරීමක් හිමි කරගත හැකි බවත එම සමාගම් පවසයි. 

 සංශෝධිත දෛනික වැටුප් ආකෘතියට අමතරව කම්කරුවන්ට නිෂ්පාදන දිරි දීමනා සහ ඔවුන්ගේ නිෂ්පාදන ඉහළ නැංවීම සහතික කිරීම වෙනුවෙන් ඵලදායීතව හා බැඳුණු ඉපැයීම් ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමට යෝජනා කරන බව ද කලාපීය වැවිලි සමාගම් කියයි.

Classified_Ad

Classified_Ad_News_Bottom