ලිපි හුවමාරුවක් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jan 17, 2021

ලිපි හුවමාරුවක්

තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන් සහ ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් එකිනෙකාට ලිපි හුවමාරු කර ගන්නා බව වාර්තා වේ. 

ඒ, පළුදුවුණු මිතුදම් යළි ශක්තිමත් කර ගැනීමේ අරමුණින්ය.පළමුවෙන්ම ලිපියක් යැවීම කළේ තුර්කි ජනාධිපතිවරයාය.

ඒ, නව වසර වෙනුවෙන් ප්‍රංශ ජනාධිපති මැක්රොන්ට සුබ පතමිනි. ප්‍රංශ ජනාධිපතිවරයා නව අවුරුදු උදාව වෙද්දී, 'කොවිඩ් 19' වයිරස ආසාදිතයකු වී සිටියේය. 

මැක්රොන්ට ඉක්මන් සුව පැතීමට ද ජනාධිපති එර්දොවාන් කටයුතු කළේය. 

දෙදෙනාගේ මිතුදම් වර්ධනය වීම සිදුවූයේ ඒ අනුවය.ජනපතිවරුන් දෙදෙනාගේ මිතුදම් පළුදු වූයේ ප්‍රංශ මුස්ලිම්වරුන් මුල්කොට ගනිමිනි. 

ප්‍රංශයේ ඉස්ලාමීය අන්තවාදීන් කළ ම්ලේච්ඡ ප්‍රහාර කීපයකින් පසුගිය 2020 දී ප්‍රංශ ජීවිතක්ෂයට පත් වූහ. එයින් එක් අයකු සෑම් පැටී නමැති ගුරුවරයාය.

මෙම සිදුවීම් මුල්කොට ගනිමින්, ප්‍රංශ මුස්ලිම්වරුන්ට එරෙහිව නව නීති හඳුන්වා දීමට ජනපති මැක්රොන් කටයුතු කළේය‍.

මෙය මුස්ලිම් රාජ්‍ය නායකයන්ගේ විරෝධයට හේතුවක් වුණු අතර, තුර්කි ජනාධිපති එර්දොවාන් ඒ අතරේ ඉදිරියෙන් ම සිටියේය. ප්‍රංශ භාණ්ඩ වර්ජනය කරන්නැයි ජනපති එර්දොවාන්, මුස්ලිම් රටවලට දැනුම් දුන්නේය. ප්‍රංශ ජනාධිපති මැක්රොන් ට පිස්සු යැයි පවසමින් දොස් නැගුවේය. 

ඉන්පසු ප්‍රංශ ජනාධිපති මැක්රොන් ද ප්‍රසිද්ධියේ තුර්කි ජනපතිවරයා විවේචනය කරන්න විය.ලිපි හුවමාරුව මගින් ජනාධිපතිවරුන් දෙදෙනා යළි මිතුදම් වර්ධනය කරගෙන සිටින බවත් අනුව, දෙරට සබඳතා යළි ශක්තිමත් වනු ඇති බවත් විදෙස් පුවත් සේවා වාර්තා කර තිබේ. 

ඉදිරියේ දී ජනපතිවරුන් දෙදෙනා අතර මුහුණට මුහුණ හමුවක් පැවැත්වෙනු ඇති බව තුර්කි විදේශ ඇමැති මෙවුලුත් කවුසොල්ගු අල් ජසීරා පුවත් සේවයට පවසා තිබේ.

අල් ජසීරා

Classified_Ad

Classified_Ad_News_Bottom