ඉන්දියාව 72 වැනි ජනරජ දිනය සමරයි - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jan 26, 2021

ඉන්දියාව 72 වැනි ජනරජ දිනය සමරයි

ඉන්දීය ගොවීන්ගෙන් එල්ල වූ විරෝධතා සහ ‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරස වසංගතය මැද ඉන්දියාව අද (26) 72 වැනි ජනරජ දිනය සැමරුවේය. 

ඉන්දීය ගොවීන් අගමැති නරේන්ද්‍ර මෝදි ප්‍රමුඛ මධ්‍යම රජයට එරෙහිව විරෝධතා දක්වන්නේ, ඉන්දීය රාජ්‍ය සභාව සම්මත කරගත් ගොවි නව පනත්වලට එරෙහිවය. 

ගොවීන්ගේ නිෂ්පාදන සඳහා වැඩි මිලක් ලබා දීමේ අරමුණින් මෙම ගොවි පනත් සකස් කළ බව ඉන්දීය මධ්‍යම රජය පැවැසුවත්, ගොවීන් චෝදනා කරන්නේ එම නව පනත් හේතුවෙන් තමන්ට විශාල අසාධාරණයක් සිදුවන බවය. 

ගොවි සංගම් විරෝධතා පවත්වන්නේ, ප්‍රධාන විපක්ෂය වන කොංග්‍රස් පක්ෂයේ උසි ගැන්වීමෙන් යැයි මෝදිගේ භාරතීය ජනතා පක්ෂය චෝදනා කර තිබේ. 
ගොවීන්ගේ විරෝධතා

සුපුරුදු පරිදි ඓතිහාසික රතු බලකොටුව අභියස ප්‍රධාන සැමරුම පැවැත්වූයේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙනි. ප්‍රධාන සැමරුම් උත්සවය පැවැත්වෙද්දී, ට්‍රැක්ටර්වල නැගී පැමිණි ගොවීන් නවදිල්ලි වීදි සැරිසරමින්, විරෝධතා රැලි පවත්වන්න වූ බවත් පොලිසිය ඔවුන්ට හරස් වුණු බවත් වාර්තා වේ. 

සම්මත කරගත් නව ගොවි පනත් හකුලා ගන්නැයි ගොවීන් ඉන්දීය රජයට බල කරන්න වූ බව ද පැවැසෙයි. ‘කොවිඩ් 19’ වසංගතය හේතුවෙන් නවදිල්ලි ජනරජ දින උලෙළට සහභාගී වූ පිරිස සීමිත කර තිබුණි. මේ වනවිට ලොව වැඩිම ‘කොවිඩ් 19’ ආසාදිතයන් වාර්තා වන්නේ ඉන්දියාවෙනි. 
අග්‍රාමාත්‍ය  මෝදි

සාමාන්‍යයෙන් විදෙස් රාජ්‍ය නායකයකු ප්‍රධාන අමුත්තා ලෙස උලෙළට සහභාගී කරවා ගන්නා නමුත් මෙවර එවැන්නක් සිදු නොවිණි. 

උලෙළ නැරඹීමට අවසර හිමිවී තිබුණේ සීමිත පිරිසකට පමණක් වන අතර, උලෙළ පැය කීපයකින් අවසන් විය. උලෙළට හමුදා පෙළපාළි සම්බන්ධ කර ගැණුනේ ඉතා අඩුවෙනි. 

අවුරුදු 15 ට අඩු දරුවන් ද උලෙළට සම්බන්ධ කර නොගැණුනු බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කර ඇත. 

එන්.ඩී.ටීවී.

Classified_Ad

Classified_Ad_News_Bottom