විකෘතිය පරද්දන්න මොඩර්නාට පුළුවන් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Stay Safe

Jan 26, 2021

විකෘතිය පරද්දන්න මොඩර්නාට පුළුවන්

sample-ad-complete-big
21020686218912
‘කොවිඩ් 19’ වයිරසයේ විකෘති ප්‍රභේද මර්දනය කිරීමට තම ප්‍රතිශක්තිකරණ එන්නතට හැකියාව ඇතැයි ඇමෙරිකාවේ ‘මොඩර්නා’ එන්නත නිපදවූ එම ඖෂධ සමාගම කියයි. 

සාමාන්‍ය ‘කොවිඩ් 19’ වයිරසයට වඩා, පැතිරීම වේගවත් විකෘතිකරණයට ලක්වුණු ප්‍රභේද කීපයක් හමුවී ඇත. මේ වනවිට ‘කොවිඩ් 19’ වයිරසයට එන්නත් කීපයක් නිපදවා ඇති අතර, එම එන්නත්වලට මෙම නව ප්‍රභේද අඩපණ කිරීමට හැකියාවක් ඇතිද නැද්ද යන්න සම්බන්ධයෙන් සැකයක් පවතී. 

‘මොඩර්නා’ සමාගමේ ප්‍රධාන විද්‍යාඥයන් සහතික වී ඇත්තේ, ඕනෑම වයිරස විකෘතියක් අඩපණ කිරීමට තම එන්නතට හැකියාව ඇති බවත්, එන්නත ලබා ගැනීම සම්බන්ධයෙන් බියක් හෝ සැකයක් ඇති කර නොගන්නා බවත්ය. 

හදිසි තත්ත්වයක් සේ සලකා මොඩර්නා එන්නත මේ වනවිට ඇමෙරිකානුවන්ට ලබා දීම සිදුවෙයි. මොඩර්නා එන්නත තවමත් ලැබෙන්නේ ඇමෙරිකානුවන්ට පමණි. 

 ලෝකයේ රටවල් බොහොමයක් එම රටවල වැසියන්ට ලබා දීම සිදුවන්නේ ‘ෆයිසර්’ එන්නතය. 

‘ෆයිසර්’ එන්නත ඇමෙරිකාවේ ‘ෆයිසර්’ සමාගම සහ ජර්මනියේ ‘බයෝඇන්ටෙක්’ සමාගම එක් වී නිපදවා ඇති එන්නතය. 

අල් ජසීරා

Classified_Ad