ආසාදිතයෝ මිලියන 100 ක් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jan 26, 2021

ආසාදිතයෝ මිලියන 100 ක්

ලොව පුරා ‘කොවිඩ් 19’ වයිරස ආසාදිතයන් ගණන මිලියන 100 සීමාව පසු කළේය. 

ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ දත්ත අනුව, ලොව සමස්ත ‘කොවිඩ් 19’ ආසාදිතයන් ගණන 100,290,805 කි. 

ලොව සමස්ත ‘කොවිඩ් 19’ මරණ වාර්තා වී ඇත්තේ 2,150,500 ක් ලෙසය. ‘කොවිඩ් 19’ වයිරසය ආසාදනය වී, සුවය ලැබූ ගණන 72,292,597 ක් තෙක් ඉහළ ගොස් ඇති බව ද පැවැසෙයි. 

තවමත් ලොව වැඩිම ‘කොවිඩ් 19’ ආසාදිතයන් වාර්තා වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයෙනි. 

ඇමෙරිකාවෙන් වාර්තා වන සමස්ත ආසාදිතයන් ගණන 25,861,600 ක් බවත් ඇමෙරිකාවෙන් වාර්තා වන මරණ ගණන 4,31,392 ක් බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. 

දෙවැනියට වැඩිම ආසාදිතයන් වාර්තා වන්නේ ඉන්දියාවෙනි. 

ඉන්දියාවෙන් වාර්තා වන ආසාදිතයන් ගණන 10,677,710 ක් වන අතර මරණ වාර්තා වන්නේ 1,53,624 ක් ලෙසය. 

ලොව දෙවැනියට වැඩිම මරණ වාර්තා වන්නේ බ්‍රසීලයෙනි. බ්‍රසීලයේ සමස්ත මරණ ගණන 2,17,712 ක් වන අතර බ්‍රසීලයෙන් වාර්තා වන සමස්ත ආසාදිතයන් ගණන 8,872,264 කි. 

ඒ.එෆ්.පී.

Classified_Ad

Classified_Ad_News_Bottom