කමලා හැරිස්ට දෙවැනි එන්නත ලැබේ - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Stay Safe

Jan 27, 2021

කමලා හැරිස්ට දෙවැනි එන්නත ලැබේ

sample-ad-complete-big
kamala-harris-vaccine
ඇමෙරිකාවේ නව උප ජනාධිපති කමලා හැරිස් ‘කොවිඩ් 19’ වයිරසයට එරෙහිව නිපදවා ඇති ‘මොඩර්නා’ ප්‍රතිශක්තිකරණ එන්නතේ දෙවැනි මාත්‍රාව ලබා ගත්තාය. 

‘මොඩර්නා’ යනු ඇමෙරිකාවේ ‘මොඩර්නා’ සමාගම නිපදවා ඇති එන්නතය. 

‘ෆයිසර්’ එන්නත සේම ‘මොඩර්නා’ එන්නත ද මාත්‍රා දෙකකින් සමන්විතය. ඇමෙරිකන් නව ජනාධිපති ජෝ බයිඩන්ට ලබා දී ඇත්තේ ‘ෆයිසර්’ එන්නතය. 

කමලා හැරිස් පළමු එන්නත් මාත්‍රාව ලබා ගත්තේ පසුගිය දෙසැම්බර් 29 වැනිදාය. 

හැරිස් පළමු එන්නත ලබා ගන්නා අවස්ථාව පමණක් නොව මෙම දෙවැනි එන්නත ලබා ගන්නා අවස්ථාව ද සජීවීව ඇමෙරිකන් පුවත් නාළිකා ඔස්සේ විකාශය කෙරුණි. ඒ, එන්නත ආරක්ෂිත බව පෙන්වමිනි. 

‘එන්නත ලබා ගන්න බිය නොවන්න. එන්නත ලබා ගැනීමෙන් පමණයි ඔබට ආරක්ෂා වෙන්න පුළුවන්. එන්නත ලබා ගත්තොත් ඔබේ ජීවිතය බේරේවි. ඔබේ සමීපතමයන්ගේ ජීවිත බේරේවි’ යැයි දෙවැනි එන්නත ලබා ගත් හැරිස් පැවැසුවාය. 

ඇමෙරිකාවේ උප ජනාධිපති ධුරයට පත් පළමු කාන්තාව වන්නේ 56 හැවිරිදි කමලා හැරිස්ය. ප්‍රතිශක්තිකරණ එන්නත් සියල්ල මාත්‍රා දෙකකින් සමන්විතය. 

ඒවා ලබා දෙන කාලය එන්නතෙන් එන්නතට වෙනස් වෙයි. වයිරසයට එරෙහිව සිරුරේ ප්‍රතිශක්තියක් නිර්මාණය වෙන්නේ මාත්‍රා දෙකම ලබා ගැනීමෙන් පසුවය. 

පළමු එන්නත ලබා ගෙන පරිස්සම් නොවුණහොත් දෙවැනි එන්නත ලබා ගැනීමට පෙර වයිරසය ආසානදය වෙයි. 

එසේ වුවහොත් දෙවැනි එන්නත ලබා ගැනීමෙන් පලක් නොවන බවත්, ලබා දුන් පළමු එන්නතෙන් ද පලක් නොවන බවත් වෛද්‍යවරුන් පැහැදිලි කර තිබේ. 

රොයිටර්

Classified_Ad