මියන්මාර වැසියන්ට එන්නත ලැබේ - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jan 27, 2021

මියන්මාර වැසියන්ට එන්නත ලැබේ

ඉන්දියාව ප්‍රදානය කළ ‘කොවිඩ් 19’ ප්‍රතිශක්තිකරණ එන්නත අද (27) සිට මියන්මාර වැසියන්ට ලබා දීම ඇරැඹිණි. 

එන්නත පළමුවෙන් හිමිවූයේ වෛද්‍යවරුන් හෙද හෙදියන් ඇතුළු මියන්මාරයේ ඉදිරිපෙළ සෞඛ්‍ය අංශ සාමාජිකයන්ටය. 

ඉන්දියාව, මියන්මාරයට ලබා දී ඇත්තේ, එරට පූනේ නුවර පිහිටි ‘සේරම්’ ඖෂධ නිෂ්පාදන සමාගම නිපදවන ‘ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා’ එන්නතය. ‘සේරම්’ සමාගම මෙම එන්නත නිපදවන්නේ ‘කොවිෂීල්ඩ්’ යන නමිනි. 

මේ වනවිට මියන්මාරය දෙවැනි කොරෝනා රැල්ලට මුහුණ පා සිටී. මියන්මාරයෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයන් ගණන 1,38,000 ට ඉක්මවා ඇති අතර, මරණ වාර්තා වන්නේ 3,082 ක් ලෙසය. 

ඉන්දීය රජය මැදිහත් වී, ‘කොවිෂීල්ඩ්’ එන්නත් මාත්‍රා මිලියන 1.5 ක් මියන්මාර රජයට ලබා දීම සිදුවූයේ පසුගිය සතියේය. 

ඉන්දියාව මෙසේ මියන්මාරයට එන්නත් ප්‍රදානය සිදු කළේ ද්වී පාර්ශ්වික සබඳතා සහ මිතුදම් ශක්තිමත් කරමිනි. 

සෞඛ්‍ය අංශ සාමාජිකයන්ට පසු ආරක්ෂක අංශ සාමාජිකයන්ට සහ වැඩිහිටි ප්‍රජාවට එන්නත් නොමිලේ ලබා දෙන බවත්, අවසන් වශයෙන් තරුණ ප්‍රජාවට එන්නත් ලබා දීමට නියමිත බවත් මියන්මාර රජය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. 

යැංගොන් නුවර එන්නත් ලබා දෙන අයුරු අධීක්ෂණයට මියන්මාර නිල නොවන නායිකා අවුන් සාන් සූ කී ද පැමිණ සිටියාය. 

ඇස්ට්‍රාසෙනකා ඖෂධ නිෂ්පාදන සමාගම, ‘සේරම්’ සමාගම සමඟ ඇති කරගත් ගිවිසුමකට අනුව, ‘ඔක්ස්ෆර්ඩ්’ එන්නත ‘කොවිෂීල්ඩ්’ යන නමින් නිෂ්පාදනය කරයි. 
මියන්මාර නිල නොවන නායිකා අවුන් සාන් සූ කී, එන්නත ලබා දෙන අයුරු අධීක්ෂණය කරමින්...

පාකිස්තානයට හැර, භූතානය, නේපාලය, මාලදිවයින, ශ්‍රී ලංකාව, ෂීසෙල්ස්, මුරුසි, බංගලාදේශය සහ ඇෆ්ගනිස්තානයටත් මෙම ‘කොවිෂීප්ඩ්’ එන්නත් ලබා දීම සිදුවෙයි. 

මියන්මාරයේ ජනගහනට මිලියන 54 ක් වන අතර, මියන්මාර සෞඛ්‍ය අමත්‍යාංශය පවසා ඇත්තේ මෙම වසර අවසන් වීමට පෙර සියලු දෙනාට එන්නත ලබා දීමට බලාපොරොත්තු වන බවය. 

රොයිටර්/ඒ.එෆ්.පී. 

Classified_Ad

Classified_Ad_News_Bottom