විජේලා දෙන්නෙක්: 'මාස්ටර්' - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jan 30, 2021

විජේලා දෙන්නෙක්: 'මාස්ටර්'

බීමට ලොල් වුණු ගුරුවරයෙක්: මැරයෙක්: 'මාස්ටර්' 

තෛපොංගල් නිමිත්තෙන් තිරගතවීම් ආරම්භ කළ 'මාස්ටර්' දමිල චිත්‍රපටය බොක්ස් ඔෆිස් වාර්තා පිහිටුවීමත් සමඟ ඊයේ (29) සිට Amazon Prime Video අතරට එක් කෙරුණි. 

ඒ, චිත්‍රපටය සිනමාහල්වල තිරගතවීම ආරම්භ කර දින 16 ක් ගත වීමෙනි. 

'මාස්ටර්' රසික හදවත් දිනා ගැනීමට සමත් වූයේ එහි විජේලා දෙදෙනකු රංගනයෙන් දායක වන බැවිනි. 

ප්‍රධාන චරිතය එසේත් නැතිනම් චිත්‍රපටයේ වීරයා විජේ වන අතර, දුෂ්ඨයා විජේ සේතුපතිය. 

කලකට පසු තමන්ට දුෂ්ඨ චරිතයක් රඟපෑමට 'මාස්ටර්' හරහා අවස්ථාවක් ලැබුණු බව සේතුපති කියයි. 

චිත්‍රපටයේ ප්‍රධාන නිළිය වන්නේ මලවිකාය. 
චිත්‍රපටයේ කතාවට අනුව, විජේ රංගනයෙන් දායක වන්නේ බීමට ලොල් වූ උසස් පාසල් විප්ලවීය අදහස් ඇති විශ්ව විද්‍යාල ගුරුවරයකු වන JD (ජෝන් ඩුරාඉරාජ්) ලෙසය. 

JD  විශ්ව විද්‍යාලයේ සිසුන්ගේ වීරයාය. ඔවුන් වෙනුවෙන් ඔවුන්ගේ සාධාරණය වෙනුවෙන් ඉදිරිපත් වන JD පාසල් පරිපාලනයේ උදහසට ලක් වෙයි. 

එහි ප්‍රතිඵලය ලෙස JD බාලවයස්කාර දරුවන් වෙනුවෙන් වෙන්වූ පුනරුත්ථාපන විද්‍යාලකට යැවෙයි. මෙම පුනරුත්ථාපන විද්‍යාලයේ දරුවන් පාලනය කරන්නේ භවානී නමැති මැරයාය. 

භවානී (විජේ සේතුපති) බාලවයස්කාර දරුවන් ලවා නොයෙක් අපරාධ කර ගනී. ඒ අනුව JD සහ භවානී අතර ගැටුම නිර්මාණය වෙයි.

සුපිරි නළුවන් දෙදෙනකු එකිනෙක ගැටෙන 'මාස්ටර්' චිත්‍රපටයේ කතාව මෙයයි. 

'මාස්ටර්' තමිල්නාඩුවේ පමණක් ඉන්දීය රුපියල් කෝටි 50 ක් උපයා ඇත. ඒ, තිරගතවීම් ආරම්භ කළ පළමු දින 3 ඇතුළතදීය. 

ඒ සමඟ හින්දි බසින් හින්දි නළු නිළියන් යොදා ගෙන 'මාස්ටර්' චිත්‍රපටය යළි ප්‍රතිනිර්මාණය කරන බව ද පැවැසෙයි. 

'මාස්ටර්' ලෝකේෂ් කනංගරාජ්ගේ අධ්‍යක්ෂණයක් වන අතර සේවියර් බ්‍රිටෝගේ නිෂ්පාදනයකි. චිත්‍රපටයේ තිරපිටපත ද ලෝකේෂ් කනංගරාජ්ගෙනි. 

කනංගරාජ් සිනමා විචාරකයන්ගේ පැසැසුට ලක්වුණු දමිල සිනමාකරුවෙකි. 

ඉන්දීය රුපියල් කෝටි 135 ක පිරිවැයක් දරා නිපදවූ 'මාස්ටර්' චිත්‍රපටය මේ වනවිට උපයා ඇති ආදායම ඉන්දීය රුපියල් කෝටි 239 කි. 'මාස්ටර්' චිත්‍රපටය තිරගතවීමට නියමිතව තිබුණේ පසුගිය 2020 අගෝස්තු මාසයේදීය. 

කෙසේ නමුත්, 'කොවිඩ් 19' කොරෝනා වසංගතය ඊට හරස් විය. 

සුපිරි නළු විජේ තමිල්නාඩු මහ ඇමැති පලනිස්ස්වාමී හමුවී, සෞඛ්‍ය උපදෙස් අනුව චිත්‍රපටය ප්‍රදර්ශනය කරන්න අවසර ඉල්ලුවේය. තෛපොංගල් නිමිත්තෙන් චිත්‍රපටය තිරගත වූයේ ඉන්පසුවය. 

 ෴ලුසිත ජයමාන්න 
ඉන්දීය පුවත් සේවා ඇසුරිනි

Classified_Ad

Classified_Ad_News_Bottom