ජගත් විමර්ශන කණ්ඩායම විමර්ශන අරඹයි - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jan 30, 2021

ජගත් විමර්ශන කණ්ඩායම විමර්ශන අරඹයි

‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසයේ සුලමුල සෙවීමට, වයිරසය ආරම්භ වුණු වූහාන් නුවරට ගොස් සිටින, ලෝක සෞඛ්‍ය සංවිධානයේ විමර්ශන කණ්ඩායම ඊයේ (29) විමර්ශන කටයුතු ආරම්භ කළේය. 

මෙම විමර්ශන කණ්ඩායම චීනයට පැමිණියේ මීට දින 14 කට පෙරය. ඔවුන් දින 14 ක් හෝටලවල නිරෝධායනයට ලක් කිරීමට චීන රජය සහ සෞඛ්‍ය බලධාරීහු පියවර ගත්හ. 

ඉන්පසු පීසීආර් පරීක්ෂණ පවත්වා ප්‍රතිඵල ලබා ගැනීමෙන් පසු, වූහාන් නුවර සැරිසරමින්, විමර්ශන කටයුතුවල නියැලීමට අවසර හිමිවිය. 

‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ව්‍යාප්ත වූයේ වූහාන් නුවර සත්ව සහ මත්ස්‍ය වෙළෙඳපොළෙන් යැයි සෞඛ්‍ය බලධාරීහු පවසති. අද වනවිට වූහාන් නුවරින් කිසිදු ආසාදිතයකු වාර්තා වන්නේ නැත. 

එසේ වුවත් මෙම වෙළෙඳපොළ තවමත් වසා දමා තිබේ. විමර්ශන කණ්ඩායම එම වෙළෙඳපොළට සහ වූහාන් රෝහල්වලට ගොස් කොරෝනා ආසාදිතයන්ට ප්‍රතිකාර ලබා දුන් වෛද්‍යවරුන් ඇතුළු හෙද කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන් හමුවී ඔවුන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගත් බව ද පැවැසෙයි. 

ඒ.එෆ්.පී.

Classified_Ad

Classified_Ad_News_Bottom