ගුද මාර්ගයෙනුත් කොරෝනා සොයයි - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jan 30, 2021

ගුද මාර්ගයෙනුත් කොරෝනා සොයයි

චීනයේ ඇතැම් නගරවල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, විශේෂඥ වෛද්‍ය උපදෙස් අනුව, පීසීආර් පරීක්ෂණවලට අමතරව, ගුද මාර්ගයෙන් ද සාම්පල ලබා ගනිමින් වයිරස ආසාදිතයන් සොයන බව අල් ජසීරා පුවත් වෙබ් අඩවිය වාර්තා කරයි.

‘කොවිඩ් 19’ වයිරසය සම්බන්ධයෙන් නිරන්තරයෙන් පර්යේෂණ සිදුකරන චීන වෛද්‍යවරුන් සහ වෛද්‍ය පර්යේෂකයන් පවසන්නේ මල සාම්පලවලින් ‘කොවිඩ් 19’ වයිරසය සිරුරේ තිබෙනවා ද නැද්ද යන්න සම්බන්ධයෙන් සියයට සියයක් නිවැරදි දත්ත ලබා ගැනීමට හැකි බවය. 

‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ආරම්භ වූයේ චීනයේ හුබෙයි පළාතේ වූහාන් නුවරිනි. අද වනවිට චීනය, එරට ‘කොවිඩ් 19’ ව්‍යාප්තිය පාලනය කර ගෙන ඇත. 

විටින් විට ආසාදිතයන් වාර්තා වෙද්දී, නගර මුළුමනින්ම වසා දමා ඒවායේ සිටින සියලු දෙනා වෛද්‍ය පරීක්ෂණවලට යොමු කරයි. 

මේ වනවිට ලොව පුරා ව්‍යාප්ත වුණු ‘කොවිඩ් 19’ වයිරස රටවල් කීපයක විකෘති ප්‍රභේද ලෙස පරිණාමය වී ඇත. 

එම විකෘති ප්‍රභේද පීසීආර් පරීක්ෂණවලට පවා හසු නොවන බව වෛද්‍යවරු පවසති. එවැනි අවස්ථාවලදී මල සාම්පල හරහා වයිරසය හඳුනා ගැනීම කළ හැකි යැයි චීන වෛද්‍යවරු පවසති. 

අල් ජසීරා

Classified_Ad

Classified_Ad_News_Bottom