පාර්ලිමේන්තුව රාජකාරි අරඹයි - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jan 1, 2021

පාර්ලිමේන්තුව රාජකාරි අරඹයි

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව අද (1) පෙරවරුවේ නව වසර සඳහා රාජකාරී ආරම්භ කළේය. ඒ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙනි. 

අද උදෑසන කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සහ මහලේකම් ධම්මික දසනායක මහතා ඇතුළු පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය හා අනුබද්ධිත කාර්ය මණ්ඩල රාජ්‍ය සේවයේ දිවුරුම ලබාදී නව වසර සඳහා රාජකාරී කටයුතු ආරම්භ කිරීම සිදුවූයේ පාර්ලිමේන්තු පරිශ්‍රයේදීය.
එම අවස්ථාවේදී කථානායකවරයා සඳහන් කළේ 2020 වසර සේම 2021 වසර ද අභියෝගාත්මක එකක් වනු ඇති බවත් එම අභියෝගවලට මුහුණ දී ඒවා ජය ගැනීමට එකමුතුව කටයුතු කළ යුතු බවය.

ඡායාරූප - පාර්ලිමේන්තු ට්විටර් ගිණුමෙන්

Classified_Ad

Classified_Ad_News_Bottom