අනුෂ්කා-කෝලී අම්මා තාත්තා වෙලා - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jan 13, 2021

අනුෂ්කා-කෝලී අම්මා තාත්තා වෙලා

ඉන්දීය ක්‍රිකට් තරුවක් වන විරාට් කෝලිගේ බිරිඳ මෙන්ම බොලිවුඩ් සුරූපිනියක ද වන අනුෂ්කා ෂර්මා දියණියක ප්‍රසූත කළාය. 

දරු ප්‍රසූතිය සිදුවුණු බව පැවැසෙන්නේ පසුගිය 11 වැනිදාය. තම ආදරණීය බිරිඳ දියණියක ප්‍රසූත කළ බව ප්‍රසිද්ධියට පත් කළේ කෝලිය. 

ඒ, සිය ඉන්ටග්‍රෑම් ගිණුම හරහාය. 

අනුෂ්කා සහ අලුත් බිලිඳිය යහතින් පසුවන බවත්, ජීවිතයේ අලුත් පරිච්ඡේදයක් ආරම්භ කිරීමට හැකිවනු ඇති බවත් කෝලීගේ ඉන්ට්‍රගෑම් පණිවුඩයේ සඳහන් වී තිබේ.

එපමණක් නොව, කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් තමා, බිරිඳ සහ සිඟිති දියණිය සමාජයෙන් ඈත් වී සිටීමට තීරණය කළ බවත් තමන්ගේ පෞද්ගලිකත්වයට ගරු කරන ලෙසත් කෝලීගේ ඉන්ට්‍රගෑම් පණිවුඩයේ වැඩි දුරටත් සඳහන් වෙයි.

කෝලි සහ අනුෂ්කා විවාහ වූයේ 2017 දෙසැම්බරයේය. 
(ඉන්දීය මාධ්‍ය ඇසුරිනි)

Classified_Ad

Classified_Ad_News_Bottom