
දශක හයක් පුරා, පුංචි තිරයෙන්, සොබා දහමේ අපූර්වත්වයත්, විස්මිත සත්ව ලෝකයේ සුන්දරත්වයත් ලොවට කියා දෙන පරිසරවේදියකු සහ වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු ලෙස ප්‍රකට, ශ්‍රීමත් ඩේවිඩ් ඇටන්බරෝ ට 'කොවිඩ් 19' වයිරසයට එරෙහි ප්‍රතිශක්තිකරණ එන්නත ලබා දුන් බව බීබීසී පුවත් සේවය වාර්තා කරයි.
94 හැවිරිදි වියෙහි පසුවන ශ්‍රීමත් ඩේවිඩ් ඇටන්බරෝ බ්‍රිතාන්‍ය ජාතිකයකු පමණක් නොව, බ්‍රිතාන්‍යයේ සම්පතකි.
ඩේවිඩ් ඇටන්බරෝ ට එන්නත හිමිවූයේ ඒලිසබත් මහ රැජින එන්නත ලබා ගැනීමෙන් පසුව යැයි පැවැසෙයි.
කෙසේ නමුත් ඩේවිඩ් ඇටන්බරෝ ලැබුණේ කුමන එන්නතදැයි බීබීසී පුවත් සේවය පවසා නැත.
මේ වනවිට මහා බ්‍රිතාන්‍යයේ ගෞරවාදරයට පත් සිනමා නළු නිළියන් සහ පුංචි තිරය හරහා ජනප්‍රිය චරිත රැසක් එන්නත ලබා ගෙන තිබේ.පෲ ලීත්, ශ්‍රීමත් ඉයන් මැල්කම්, ලයනල් බ්ලෙයාර්, ජෝඇන් කොලින්ස්, බ්‍රයන් බ්ලෙස්ඩ් ආදීහු ඒ අතර වෙති.
බීබීසී