දකුණු ආසියාවේ ලොකුම ටයර් කම්හල - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jan 15, 2021

දකුණු ආසියාවේ ලොකුම ටයර් කම්හල

දකුණු ආසියාවේ විශාලතම ටයර් නිෂ්පාදන කර්මාන්ත ශාලාව වන 'ෆෙරෙන්ටිනෝ ටයර් කෝපරේෂන් (පුද්ගලික) සමාගම' ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් විවෘත විය.

හොරණ වගවත්ත ආයෝජන මණ්ඩල කාර්මික කලාපයට අයත් අක්කර 155ක භූමියක මෙම කර්මාන්ත ශාලාව ස්ථාපනය කර තිබේ.

මෙහි පළමු අදියර සඳහා කර ඇති ආයෝජනය ඇමරිකානු ඩොලර් මිලියන 100 කි. 

යුරෝපා තාක්ෂණය සහිත ලොව නවීනතම යන්ත්‍රෝපකරණ යොදා ගනිමින් නිෂ්පාදන කටයුතු සිදුවෙයි.

එස්.යූ.වී රථ සඳහා විශේෂ කාණ්ඩයක් මෙන්ම මෝටර් රථ, යතුරු පැදි, ත්‍රීරෝද ඇතුළු ලෝක වෙළඳපොළට අවශ්‍ය ටයර් වර්ග රැසක් නිපදවීම ෙමම කර්මාන්ත ශාලාව තුළ සිදුවෙයි.

කර්මාන්ත ශාලාවේ නිෂ්පාදනයෙන්  80%ක් අපනයනය කෙරෙන අතර ඉතිරි  20 %දේශීය වෙළෙඳපොළට සැපයීමට නියමිතය.

මෙහි ප්‍රථම නිෂ්පාදන තොගය මේ මස දී ඇමෙරිකාවට අපනයනය කිරීමට කටයුතු සූදානම් කර ඇත.

මෙරට අපනයන වෙළෙඳපොළ ප්‍රවර්ධනය, සෘජු හා වක්‍ර රැකියා විශාල ප්‍රමාණයක් උත්පාදනය සහ දේශීය රබර් වගාකරුවන්ට ඉහළ මිලක් හිමිවීම කර්මාන්තශාලාවෙන් හිමිවන ප්‍රතිලාභ වේ.
මෙම කර්මාන්තශාලාව පරිසර හිතකාමී ලෙස ඉදිකර තිබීම ද විශේෂත්වයකි.නිෂ්පාදන ක්ෂේත්‍රයේ පැවති සම්මත සීමාවන් අභිබවා යමින් තාක්ෂණික අංශවල තනතුරු සඳහා නිසි සුදුසුකම් සපිරූ කාන්තාවන් මෙහි සේවයට බඳවා ගැනීමට ද ආයතන කළමනාකාරිත්වය පියවර ගෙන තිබේ.

උත්සව භූමියට පැමිණි ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ෆෙරෙන්ටිනෝ ටයර් කෝපරේෂන් සමාගමේ සභාපති නන්දන ලොකුවිතාන මහතා විසින් පිළිගනු ලැබූ අතර සමරු ඵලකය නිරාවරණය කළ එය විවෘත කළ ජනාධිපතිවරයා ටයර් නිෂ්පාදනායතනයේ සමස්ත ක්‍රියාවලිය ද නිරීක්ෂණය කළේය.

Classified_Ad

Classified_Ad_News_Bottom