සංචාරකයන්ට නව ජංගම දුරකථන යෙදුමක් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jan 15, 2021

සංචාරකයන්ට නව ජංගම දුරකථන යෙදුමක්

ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් වෙනුවෙන් නව ජංගම දුරකථන යෙදුමක් (Mobile App) හඳුන්වා දීමට රජය තීරණය කර ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

මෙරටට පැමිණීමේ වීසා බලපත්‍ර ලබාගැනීමේදී මෙම යෙදුම හරහා රක්ෂණ ආවරණයක් ලබා ගැනීම සංචාරකයන්ට අනිවාර්ය කිරීමට අධිකාරිය තීරණය කර ඇත.

‘‘ශ්‍රී  ලංකා ටුවරිසම්‘‘ (Sri Lanka Tourism) නමින් හැඳින්වෙන රක්ෂණයට අමතරව පී.සී.ආර්. පරීක්ෂණ ගාස්තු සහ ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් විසින් අනුගමනය කළ යුතු සෞඛ්‍ය රෙගුලාසි පිළිබඳ තොරතුරුද මෙම ජංගම දුරකතන යෙදුමේ ඇතුළත්වන බවද එම අධිකාරිය කියා සිටී.

සෞඛ්‍ය රක්ෂණාවරණය ඇතුළු සංචාරකයන් විසින් අනුගමනය කළ යුතු සෞඛ්යන රෙගුලාසි පිළිබඳ තොරතුරු ඇතුළත් ජංගම දුරකතන යෙදුම ඉදිරි දින කිහිපයේදී හදුන්වා දීමට නියමිතය.

කොරෝනා වසංගතය හේතුවෙන් ශ්‍රී ලංකාව ඇතුළු ලොව පුරා සංචාරක ව්යානපාරයේ නිරත ලක්ෂ 30 කට ආසන්න පිරිසක් පීඩාවට පත්ව සිටින බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා  කියා සිටී. 

ආකර්ශනීය සංචාරක ගමනාන්තයක් වන ශ්‍රී ලංකාවට , මාස දහයකට පසු සංචාරකයන් කණ්ඩායම් වශයෙන් මෙරටට ගෙන්වීමට සැලසුම් කර ඇති අතර එළැඹෙන ජනවාරි 21 වැනිදා සංචාරකයන් පැමිණීම ඇතුළුව වාණිජ ගුවන් ගමන් වෙනුවෙන් ගුවන් තොටුපොළ විවෘත කෙරේ.

Classified_Ad

Classified_Ad_News_Bottom