ඉන්දීය විදේශ අමාත්‍යවරයා එයි - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jan 5, 2021

ඉන්දීය විදේශ අමාත්‍යවරයා එයි

තෙදින නිල සංචාරයක් සඳහා ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් මහතා අද (5) මෙරටට පැමිණියේය.

ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් මහතා ඉන්දියාවට අයත් විශේෂ ගුවන් යානයකින් අද (5) පස්වරු 4.20ට පමණ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළට ළඟා විය. 

ඔහු සමඟ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ඉහළ පෙළේ නිලධාරීන් කිහිපදෙනෙක් ද මෙරටට පැමිණියහ.

කලාපීය සහයෝගීතා කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ සහ විදේශ සබඳතා අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය අද්මිරාල් ජයනාත් කොළඹගේ යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙරටට පැමිණි ඉන්දීය විදේශ අමාත්‍යවරයා පිළිගත්හ.

විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ආරාධනයකට අනුව ඉන්දීය විදේශ අමාත්‍යවරයා මෙරට සංචාරය කරන අතර එය මේ වසරේ ඔහුගේ පළමු නිල විදෙස් සංචාරය ද වේ.
මෙම තෙදින නිල සංචාරයේදී ඉන්දීය විදේශ අමාත්‍යවරයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන යන මහත්වරුන් සමඟ ද්විපාර්ශවීය සාකච්ඡා පැවැත්වීමට නියමිත ය.

ඉන්දීය විදේශ අමාත්‍ය සුබ්‍රමනියම් ජයශංකර් මහතා පසුගිය නොවැම්බර් මාසයේදී කෙටි සංචාරයක් සඳහා මෙරටට පැමිණි අතර එහිදි ජනාධිපතිවරණයෙන් ජය ලැබූ ගෝඨාභ රාජපක්ෂ මහතා හමු වී ඔහුට සුබ පැතුම් එක් කළේය.  

Classified_Ad

Classified_Ad_News_Bottom