ඉන්දු ශ්‍රීලංකා ගුවන් බුබුළක් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jan 9, 2021

ඉන්දු ශ්‍රීලංකා ගුවන් බුබුළක්

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ව්‍යාපාරික කටයුතු ආරම්භ කිරීම සඳහා ගුවන් බුබුළක් (එයාර් බබල්) ආරම්භ කිරිම කෙරෙහි අවධානය යොමු වී ඇත.

තෙදින නිල සංචාරයක නිරත වූ ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් මහතා මෙරට ව්‍යාපාරික ප්‍රජාව හමු වූ අවස්ථාවේදී මෙම යෝජනාව ඉදිරිපත් වී තිබේ.

‘කොවිඩ්-19’ එන්නත් සම්බන්ධයෙන් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සහයෝගීතාව වැඩි කිරීම සහ දෙරට අතර සංචාරක කටයුතු කඩිනමින් ආරම්භ කිරීම සම්බන්ධයෙන් ද ඉන්දීය විදේශ අමාත්‍යවරයා සහ මෙරට ව්‍යාපාරික ප්‍රජාව අතර සාකච්ඡාවේදී අවධානය යොමු වී ඇත.

ඉන්දු ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුමෙන් තවදුරටත් ප්‍රයෝජන ගැනීම සහ දෙරට අතර තවදුරටත් පුළුල් කෙරුණු නිදහස් වෙළෙඳ ගිවිසුමක් ඇති කරගැනීම සම්බන්ධයෙන් ද මෙහිදි සාකච්ඡාවට ලක්වී තිබේ.

තෙදින නිල සංචාරයක් සඳහා ඉකුත් දා (5) මෙරටට පැමිණි ඉන්දීය විදේශ අමාත්‍යවරයා නැවත සිය රට බලා පිටත් විය. 

ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් සහ මෙරට ව්‍යාපාරික ප්‍රජාව අතර තිබූ හමුවට ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ, මාස් හෝල්ඩින්ස් සමූහයේ සභාපති දේශමාන්‍ය මහේෂ් අමලීන්, ජෝන් කීල්ස් හෝල්ඩින්ග් හි සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍රන්, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති කිමාලි ප්‍රනාන්දු, ඉන්දීය සී.ඊ.ඕ. සම්මේලනයේ සභාපති උමේෂ් ගෞතම්, සන්ෂයින් හෝල්ඩින්ග් සමූහයේ සමූහ කළමනාකරණ අධ්‍යක්ෂ විෂ් ගෝවින්දසාමි, බ්‍රැන්ඩික්ස් සමාගමේ සමූහ ප්‍රධාන විධායක නිලධාරි අෂ්රොෆ් ඕමාර්, හේලීස් සමූහයේ සභාපති මොහාන් පණ්ඩිතගේ සහ ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති හාන්ස් විජේසූරිය යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ඇසුරිනි

Classified_Ad

Classified_Ad_News_Bottom