CBL සමාගම විශිෂ්ටතම සේවා ස්ථාන 40 අතරට - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Feb 27, 2021

CBL සමාගම විශිෂ්ටතම සේවා ස්ථාන 40 අතරට

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම සේවා ස්ථාන 40 අතරට සිලෝන් බිස්කට්ස් සමාගම හා CBL නැචුරල් ෆුඩ්ස් සමාගම එක්වෙයි සිලෝන් බිස්කට්ස් සමාගම හා CBL නැචුරල් ෆුඩ්ස් පුද්ගලික සමාගම ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම සේවා ස්ථාන 40 (40 Best Workplaces) අතරට පසුගියදා පැවති ''Great Place to Work® Sri Lanka 2020'' සම්මාන ප්‍රදානෝත්සවයේදී තේරී පත්වුණි. 

ආයතනය තුළ මෙන්ම කාබනික ආහාර නිෂ්පාදන සහ සැපයුම් දාමයට සම්බන්ධ කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා ගෙන ඇති උත්සාහයන් වෙනුවෙන් CBL නැචුරල් ෆුඩ්ස් පුද්ගලික සමාගම, කාන්තාවන්ට සේවය සඳහා සුදුසු ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම සේවා ස්ථාන 10 (Best workplaces for women) අතරට තේරී පත්වීම කැපී පෙනුණි. 

තම මුළු සේවක පිරිසෙන් 85% කට වඩා වැඩි පිරිසක් වයස අවුරුදු 20-40 ත් අතරට අයත් වන CBL එක්ස්පෝට්ස් සමාගම, තරුණ පිරිස් සඳහා වඩාත් සුදුසු ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම සේවා ස්ථාන 10 (Best workplaces for Millenials) අතරට එක්විය. මෙවර මෙම සහතිකකරණයට ඉදිරිපත් වූ CBL සමූහයේ, සිලෝන් බිස්කට්ස්, CBL නැචුරල් ෆුඩ්ස් හා CBL එක්ස්පෝට්ස් යන සමාගම් ත්‍රිත්වයම ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම සේවා ස්ථාන (Great Places to Work) ලෙස පිළිගැනීමට ලක්විය. 

තම ආයතනවල සේවකයින්ගේ හා සේවා පරිසරයේ අභිවෘද්ධිය උදෙසා ගෙන ඇති ක්‍රියාමාර්ග ඇගයීමට ලක්කිරීම මෙම සහතිකකරණයේ අරමුණ ‍වේ. 

“අපගේ සමාගම් ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම සේවා ස්ථාන 40 අතරට අයත් වීම වගේම, කාන්තාවන් සහ තරුණ පිරිස් සඳහා ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම සේවා ස්ථාන 10 අතරට අයත් වීම ද විශාල ජයග්‍රහණයක්. එපමණක් නොව, නිරන්තරයෙන් CBL සමූහයේ මූලික හරයන්ට අනුගතව ව්‍යාපාර කටයුතු සිදුකිරීමට අප ගනු ලබන ප්‍රයත්නයන්ගේ ප්‍රතිඵලයක් ලෙසත් මෙම ජයග්‍රහණ දැක්විය හැකියි“, යනුවෙන් CBL සමූහයේ කළමනාකාර අධ්‍යක්ෂිකා ශ්‍යාමලී වික්‍රමසිංහ මහත්මිය පැවසුවාය. 

 මේ පිළිබඳ වැඩිදුරටත් විස්තර කරමින් ඇය ප්‍රකාශ කළේ, CBL සමූහය නිරන්තරයෙන් විශ්වාස කරනුයේ සෙනෙහස, ගුණාත්මකභාවය, නවෝත්පාදනය හා විශ්වාසනීය බව යන මූලික හරයන් මත ගොඩනැගුණු ආයතන සංස්කෘතියක් තුළ තම ව්‍යාපාර කටයුතු මෙහෙයවීමෙන් සාර්ථකත්වයට පත්විය හැකි බවයි. 

එමෙන්ම නිවැරදි පුද්ගලයින් නිවැරදි තනතුරුවලට යොමු කිරීමත්, ඔවුන්ට තම රාජකාරි කටයුතු කරගෙන යාමට අවශ්‍ය සියලු පහසුකම් සපයමින් ඔවුන්ගේ වෘත්තීය දියුණුව සඳහා අප ලබාදෙන සහායත් මෙම ජයග්‍රහණ අත්කරගැනීමට වැදගත් වූ බව ඇය පෙන්වා දුන්නාය. 

CBL සමූහය යනු තම අනුබද්ධ ආයතන හරහා මංචි, රිට්ස්බරි, රෙවෙලෝ, ටියාරා, සමපෝෂ, ලංකාසෝයි, සේරා සහ නියුට්‍රිලයින් ඇතුළු ප්‍රියතම ආහාර නිෂ්පාදන සන්නාමයන් රැසක් නිෂ්පාදනය සඳහා දායකත්වය සපයන, 6,000කට වැඩි සේවකයින් පිරිසකගෙන් සමන්විත දේශීය ආයතනයකි. 

ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ද විශාල දායකත්වයක් සපයන CBL සමූහය ගොවිබිමේ නිෂ්පාදන නිවසේ ආහාර මේසය වෙත ගෙන ඒම දක්වා දේශීය ආහාර සැපයුම් දාමය සංවර්ධනය සඳහා ද විශාල පිටිවහලක් සපයයි.

Classified_Ad

Classified_Ad_News_Bottom