එන්නතට බිය වෙන්න එපා! - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Feb 1, 2021

එන්නතට බිය වෙන්න එපා!

එන්නතට බිය වෙන්න එපා! පොඩි අසනීප ගතියක් ඒවි. ඒත් එසේවීම ඔබට සුභදායක ලකුණක් බව ඔබ දන්නවාද? 

එන්නතට ලබා ගැනීමෙන් පසු මඳ උණ, ඇඟපත රිදීම, හිසරදය, වමනය වැනි මාරාන්තික නොවන අපහසුතා ඇතිවීම සුභදායක, සිත සනසන කරුණක් බව ඔබ දැන සිටියාද? 

ඔබ දන්නවා මේ එන්නත එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය හා ඇස්ට්‍රොසෙනිකා සමාගම එක්ව සෑදූ එන්නතක් බව. එය දහස් ගනන් පිරිසකට ලබාදී සායනික පර්යේෂණ අවධි තුනම පසුකර, අනුමැතිය ලබා, ලොව පුරාම ඕස්ට්‍රේලියාව, ඉන්දියාව ඇතුලු එම ඇස්ට්‍රොසෙනිකා සමාගමේ ශාඛාවලින් නිපදවීම ඇරඹුවා.

දැනටත් මිලියනයකට වඩා මෙම එන්නත් ලබාගෙන තිබෙනවා. භයානක ප්‍රතිපල මෙතෙක් වාර්තා වී නැහැ.(නමුත් ෆයිසර් එන්නතට මෙසේ අනතුරු වාර්තාවී තිබෙනවා) මේ ආයතන එන්නත ගැන මුලදිම පැවසුවේ එහි සාර්ථක භාවය 70 % ක් බවයි. 

පසුව එහි මාත්‍රා දෙන ආකාරය වෙනස් කර වැඩිදියුණු කිරීම මගින් 90% දක්වා සාර්ථක බවක් ලැබුනා. 

ඉතිරි 10% ට ආරක්ෂාව නැහැ නේද? 

ඔබට අසනීප තත්වයක් ආවා කියන්නෙ එය ශරීරය තුල වැඩ කරන්න බව ආරම්භ වූ බවයි.දෙවෙනි මාත්‍රාවෙන් ආරක්ෂාව සම්පූර්ණ වේවි. අසනීප ගතිය නිසා බොහෝදුරට එයින් ප්‍රතිදේහ සෑදෙන බව පැවසිය හැකි. 

එසේ ආරක්ෂාව ලැබුනු බව සොයන්න Covid IgG ප්‍රතිදේහ සඳහා රුධිර පරික්ෂණයක් කරගත හැකියි. (මේ ප්‍රතිදේහ ජනක පරීක්ෂණ නොවේ) නමුත් මතක තියාගන්න අසනීප ගතියක් නොආවත් ප්‍රතිදේහ සෑදිය හැකියි. එමෙන්ම අසනීප ගතියක් සැදුනත් ප්‍රතිදේහ නොසෑදිය හැකියි. මෙය බොහෝ දුරට හරියන ඉඟියක් පමණයි. 

ප්‍රතිශක්තිය ලැබුණාද කියා දැන ගැනීමට විශ්වාස දායක ක්‍රමය වන්නේ රුධිරයේ Covid IgG Antibodies හෙවත් ප්‍රතිදේහ සෑදී තිබේද , T සෛල වැඩිවී තිබේද කියා සොයා බැලීමයි. 

සුලු අපහසුතාවක් නිසා වටිනා එන්නත නොගහ ඉන්න එපා. එන්නත් ආරක්ෂා කරන්නේ ඔබව පමණක් නොවේ. 

මුලු මිනිස් සංහතියමයි. සියලු දෙනා එන්නතේ සාර්ථක භාවය ලබා ගත්තොත් මෙම කුරිරු වෛරසයට ලොව පවතින්න මිනිස් ශරීර නැතිවී එය විනාශ වෙනවා. සමහරවිට සුලු වශයෙන් සමහර සතුන් අතර තියේවි. 

ඔබ ආත්මාර්ථකාමී වී , සුලු අසනීප වලට බියෙන්, හෝ වෙනත් අයගේ වැරදි තොරතුරු හා පෙලඹවීමි නිසා එන්නතින් ලැබෙන වටිනා ආරක්ෂාවත්, මරණයෙන් බේරීමට ඇති ඉඩත් නැති කර ගන්න එපා. ඔබට මනුෂ්‍ය වර්ගයා වෙනුවෙන් ඇති වගකීමකි එය. 

අප වසූරිය වැනි භයානක මාරාන්තික රෝග මෙලොවින් තුරන් කලේ එන්නත් ක්‍රමය නිසයි. මේ කුරිරු වෛරසයත් අපි ලොවින් තුරන් කරමු. 


විශේෂඥ වෛද්‍ය,
ආර්.එන්.ජී රාජපක්ෂ

Classified_Ad

Classified_Ad_News_Bottom