නවසීලන්ත ඕස්ට්‍රේලියා ගුවන් ගමන් ඇරඹේ - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Feb 1, 2021

නවසීලන්ත ඕස්ට්‍රේලියා ගුවන් ගමන් ඇරඹේ

‘කොවිඩ්-19’ වසංගතය හේතුවෙන් නැවතුණු නවසීලන්තය සහ ඔස්ට්‍රේලියාව අතර ගුවන් ගමන් ඊයේ (31) සිට ආරම්භ වූ වව ඔස්ට්‍රේලියානු සෞඛ්‍ය අංශ නිවේදනය කරයි. 

 ගුවන් බුබුළක් මගින් මෙම ගුවන් ගමන් ක්‍රියාත්මක වන අතර එය ‘ට්‍රාන්ස් - තස්මාන් බබල්’ යනුවෙන් නම් කර තිබේ.

'හරිත කලාපයේ' ගුවන් යානාවලට පමණක් ඉරිදා, දහවල් සිට ගමන් ආරම්භ කළ හැකි යැයි ඔස්ට්‍රේලියාවේ වැඩ බලන ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී මහාචාර්ය මයිකල් කිඩ් පවසා තිබුණි. 

එම කලාපයේ ඇති අඩු අවදානම් තත්ත්වය සලකා බලමින් මෙලෙස 'හරිත කලාපයේ' මුලින්ම ගුවන් ගමන් ආරම්භ කරන බව ද හෙතෙම පෙන්වා දුන්නේය. 

‘සංචාර බුබුළු’ යනු නව කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය සාර්ථකව පාලනය කිරීමට සමත්වූ රටවල් දෙකක් අතර සිදුවන සංචලන ක්‍රියාකාරකම් ය. 

ඒ අනුව නිරෝධායන ක්‍රියාවලියට යොමු නොවී ඒ ඒ රටවල් දෙක අතර මුහුදින්, ගොඩබිමෙන් හෝ ගුවනින් ගමන් කිරීමට දෙරටේ වැසියන්ට අවස්ථාව උදා වේ. 

 මෙම ක්‍රියාවලියත් සමඟ දෙරටේ මගීන්ට බාධාවකින් තොරව ගුමන් ගමන්වල යෙදීමට අවස්ථාව ලැබේ. නවසීලන්තයේ තවදුරටත් වයිරස ආසාදිතයන් වාර්තා නොවන බව තහවුරු වූ බව ඔස්ට්‍රේලියාවේ සෞඛ්‍ය ආරක්ෂණ මූලධර්ම කමිටුව අද උදෑසන නිවේදනය කළේය. 

නවසීලන්තයෙන් මීට දින කිහිපයකට වයිරස ආසාදිතයන් තිදෙනකු පිළිබඳ වාර්තා විය. 

ඔවුන්ට ආසාදනය වී තිබුණේ දකුණු අප්‍රිකාවෙන් වාර්තා වූ නව කොරෝනා වයිරසයේ නව සහ විකෘති ප්‍රභේදය යි. ඕක්ලන්ඩ් නුවර පිහිටි නිරෝධායන ක්‍රියාවලියට භාවිත කෙරෙන හෝටලයකින් එම වයිරස ආසාදිතයන් තිබෙන වාර්තා වී තිබිණි. 

ඔවුන්ගේ ආශ්‍රිතයන්ට වයිරසය ආසාදනය වී නැතැයි නවසීලන්ත සෞඛ්‍ය බලධාරීහු තහවුරු කළහ. මේ තත්ත්වය සලකා බලමින් නවසීලන්තය සමඟ ගුවන් ගමන් කිරීමට පියවර ගන්නා බව ඔස්ට්‍රේලියාවේ සෞඛ්‍ය ආරක්ෂණ මූලධර්ම කමිටුව සඳහන් කළේය. 

 නවසීලන්තය නව කොරෝනා වයිරසය සාර්ථකව මර්දනය කළ රටක් ලෙස පිළිගැනේ. 

'කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරසය පාලනය කිරීමේ කාර්යසාධන දර්ශකයක් ඉකුත් දා ප්‍රසිද්ධියට පත් කෙරුණු අතර එහි මුල්තැන හිමි ව තිබුණේ ද නවසීලන්තයට යි. ඔස්ට්‍රේලියාව එහි මුල් ස්ථාන දහය අතරට පැමිණීමට සමත්ව තිබිණි. 

ද ගාඩියන්

Classified_Ad

Classified_Ad_News_Bottom