ආචාර්ය කුමාරස්වාමි ඩයලොග් ආසියාටා සමාගමට - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Feb 2, 2021

ආචාර්ය කුමාරස්වාමි ඩයලොග් ආසියාටා සමාගමට

ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා ඉකුත් 1 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි ඩයලොග් ආසියාටා සමාගමේ විධායක නොවන අධ්‍යක්ෂවරයකු ලෙස පත් කර ඇත. 

ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා ප්‍රතිපත්ති සම්පාදනය සහ ආර්ථික උපදේශන සේවා ක්ෂේත්‍රයේ වසර 40කට වඩා අත්දැකීම් ඇත්තෙකි. 

 කුමාරස්වාමි මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ 14 වැනි අධිපතිවරයා වන අතර හෙතෙම 2016 වසරේ ජූලි මාසයේ සිට 2019 වසරේ දෙසැම්බර් මාසය දක්වා එම ධුරය හෙබවීය. 

 ඔහු ශ්‍රී ලංකා මහ බැංකුවට සම්බන්ධ වූයේ 1974 වසරේ දී ය. 

ඉන් අනතුරුව ශ්‍රී ලංකා මහ බැංකුවේ තනතුරු කිහිපයක්ම හෙබ වූ හෙතෙම පසුව පෞද්ගලික අංශයට සම්බන්ධ විය.

Classified_Ad

Classified_Ad_News_Bottom