
කොවිඩ් එන්නත ලබාදීම නිසි ක්‍රමවේදයක් අනුව සිදුකරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කර තිබේ.
ජනාධිපතිවරයා මෙසේ අවධාරණය කළේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කිවුලේකඩ ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් පැවැති 'ගම සමඟ පිළිසඳර' වැඩසටහනට එක් වෙමිනි.
දැනට මෙරටට එන්නත් මිලියනයක් ගෙන්වා ඇති බවත්, ඒවා නිසි ක්‍රමවේදයකට ලබා දෙන බවත් ජනාධිපතිවරයා පැහැදිලි කළේය.
කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල කොවිඩ් - 19 වෛරසය ව්‍යාප්තවීමේ අධි අවදානමක් ඇති ග්‍රාම නිලධාරී වසම්වල සිටින අවුරුදු 30 සහ 30 ට වැඩි සියලුදෙනාට කොවිඩ් එන්නත ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කළේ ඊයේ (26) ය.
එන්නත්කරණ වැඩපිළිවෙල ක්‍රියාත්මක කළ යුතු අධි අවදානමක් සහිත ග්‍රාම නිලධාරී වසම් හඳුනා ගන්නා ලෙස සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා බස්නාහිර පළාතේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන්ට, කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කයන්හි ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන්ට සහ කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරීවරයාට දැනුම් දී තිබේ.