
2019 වසරේ අප්‍රේල් 21 වැනිදා ශ්‍රී ලංකාවේ සිදුවූ පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරයෙන් ඇමරිකා සිවිල් වැසියන් ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඇමෙරිකා අධිකරණයෙන් අපරාධ චෝදනා එල්ලවී සිටින ශ්‍රී ලාංකික සැකකරුවන් සහ ඇමෙරිකාවේ පවතින එල්ටීටීඊ හිතවාදී සංවිධාන සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව ඇමෙරිකාවේ වොෂින්ටන්හී ශ්‍රී ලංකා තානාපති රවිනාථ ආර්යසිංහ මහතා එරට අධිකරණ දෙපාර්තමේන්තුව සමඟ සාකච්ඡා කර ඇත.
ඉහත චෝදනා පිළිබඳව පසු විපරම් කිරීමේ අරමුණෙන් සඳහා තානාපති රවිනාථ ආර්යසිංහ මහතා ඇමෙරිකා අධිකරණ දෙපාර්තමේන්තුවේ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ඩෑන් ස්ටිගල් සහ එම දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ අන්තර්ජාලය ඔස්සේ සාකච්ඡා කළ බවද වොෂින්ටන් හී ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කියා සිටී.
මෙවැනි අපරාධ කරුවන්ට මෙන්ම එක්සත් ජනපද නීතිවලට පටහැනිව ත‍්‍රස්තවාදය හා මරාගෙන මැරීමේ ත්‍රස්ත ක්‍රියා උත්කර්ෂයට නංවන ඇමෙරිකාවේ ක්‍රියාත්මක වන එල්ටීටීඊ හිතවාදී සංවිධාන වඩාත් සමීපව අධීක්‍ෂණය කරන්නැයිද තානාපති රවිනාථ ආර්යසිංහ මහතා ඇමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තු බලධාරීන් ගෙන් ඉල්ලා සිටියේය.
2019 අප්‍රේල් මාසයේ දී ශ්‍රී ලංකාවේ පාස්කු ඉරිදා බෝම්බ ප‍්‍රහාරයේ දී අයි.එස්.අයි.එස් වෙත ද්‍රව්‍යමය ආධාර සැපයීමට කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකුට එරෙහිව ලොස් ඇන්ජලීස් හි දිසා අධිකරණය විසින් මීට මාසයකට පෙර චෝදනා ගොනු කෙරිණි.