
ඉන්දියාව සහ එංගලන්තය අතර පැවති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 317ක ජයක් වාර්තා කිරීමට සත්කාරක ඉන්දීය කණ්ඩායම සමත් විය.
චෙන්නායි හි පැවති එම තරගයේ සිවු වැනි දිනයේ එංගලන්ත කණ්ඩායම සිය දෙවැනි ඉනිම සඳහා රැස් කළේ ලකුණු 164 ක් පමණි.
ඒ අනුව මේ වනවිට තරග 4න් සමන්විත ටෙස්ට් තරඟාවලියේ කණ්ඩායම් දෙකම තරඟය බැගින් ජයගෙන තිබේ.
පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම, පළමු ඉනිම සඳහා ලකුණු 329ක් රැස් කළේය.
ඊට පිළිතුරු වශයෙන් එංගලන්ත කණ්ඩායමට රැස් කර ගැනීමට හැකි වූයේ ලකුණු 134 ක් පමණි.
රවිචන්ද්‍රන් අශ්වින් ලබාගත් 106 හේතුවෙන් ඉන්දීය කණ්ඩායම දෙවැනි ඉනිම සඳහා රැස්කළ ලකුණු සංඛ්‍යාව 286 කි.
දෙවැනි ටෙස්ට් තරගය ජය ගැනීම සඳහා එංගලන්ත කණ්ඩායමට ලකුණු 482 ක ඉලක්කයක් හඹා යෑමට සිදුවිය. කෙසේ නමුත් ඔවුන්ට ලබාගත හැකිවූයේ ලකුණු 164ක් පමණි.
මොයින් අලි 43 ක් ලබා ගත්තේය.
පන්දු යැවීමේදී ඉන්දීය දඟ පන්දු යවන්නන් එංගලන්ත කඩුලු 10 ම දවා ගැනීමට සමත් වූ අතර, අක්ෂා පටෙල් කඩුලු 5ක් හිමි කරගත් අතර, අශ්වින් ලකුණු 53 කට කඩුලු 3 ක් බිඳ හෙලීය.
එන්.ඩී.ටීවී.