කොන්සියුලර් සේවා මාර්ගගත ක්‍රමයට - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Feb 16, 2021

කොන්සියුලර් සේවා මාර්ගගත ක්‍රමයට

ඉතාලියේ සිටින ශ්‍රී ලාංකිකයින්ගේ කොන්සියුලර් අවශ්‍යතා මාර්ගගත ක්‍රමය යටතේ සිදු කිරීමට සැලසුම් කර තිබෙනබව පැවැසෙයි. 

ඒ අනුව, වේලාව වෙන් කර ඉතාලියේ මිලාන් හි පිහිටි ශ්‍රී ලංකා කොන්සියුලර් ජනරාල් කාර්යාලයේදී මර්ගගත ක්‍රමයට කොන්සියුලර් සේවා ලබා ගැනීමට හැකිවන බව විදේශ අමත්‍යාංශය පැහැදිලි කර තිබේ. 

 මීට අමතර, 'කොවිඩ්19' වසංගත තත්ත්වය හමුවේ සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව රෝමය සහ මිලාන් නගරවලින් පිටත තෝරාගත් ස්ථානවලදී ද ජංගම කොන්සියුලර් සේවාවන් සැපයීමට කටයුතු යෙදවීමට නියමිතය.

'කොවිඩ්19' වසංගත තත්ත්වය හමුවේ වුවද ඉතාලියේ ශ්‍රී ලංකා දූත මණ්ඩල අඛණ්ඩව මහජන සේවාවන් සපයන බව විදේශ අමාත්‍යාංශය වැඩිදුරටත් පවසා තිබේ.

Classified_Ad